තවත් හොලිවුඩ් චිත‍්‍රපට කිහිපයක් දීපිකාට සෙට්වෙයි

February 1, 2017 | 10:46 am    0   427

තවත් හොලිවුඩ් චිත‍්‍රපට කිහිපයක් දීපිකාට සෙට්වෙයි

මේ දිනවල අති සාර්ථකව තිරගත වන ‘xXx: The Return of Xander Cage’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට පණපොවන දිපීකා පදුකෝන්ට තවත් හොලිවුඩ් චිත්‍රපට කිහිපයක් සඳහා සම්බන්ධ වීමට ආරාධනා ලැබී ඇතැයි බොලිවුඩ් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 24ක මුදලක් සොයා ගැනීමට සමත්ව ඇති මෙම චිත්‍රපටය ලොවපුරා තිරගත වෙමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට ආසන්න මුදලක් උපයාගෙන ඇතැයි පැවසේ.

ලැබෙන තොරතුරුවලට අනුව දිපීකාට මෙසේ තවත් හොලිවුඩ් චිත්‍රපට කිහිපයක් සඳහා රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබී ඇත්තේ ඇය ‘xXx: The Return of Xander Cage’ චිත්‍රපටයේ ඉදිරිපත් කරන රංගනය නිසා බවද වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: