ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1994 ක් අත්අඩංගුවට අරගෙනලු

March 24, 2017 | 4:00 pm    0   296

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1994 ක් අත්අඩංගුවට අරගෙනලු

පොදු සමා කාලයේදී ත්‍රිවිධ හමුදාව වෙත භාර නොවූ සාමාජිකයින් 41,000 ක් අතරින් 1994 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතරින් 1,570 ක පිරිසක් යුද හමුදා නිලධාරීන් වේ. අත්අඩංගුවට ගත් පිරිස අතර නාවික හමුදාවට අයත් සාමාජිකයන් 393 දෙනෙකු සිටින බව සඳහන්.

ඒ අතරින් සාමාජිකයින් 31 දෙනෙක් ගුවන් හමුදාවට අයත් සෙබලුන් බවත්, අත්අඩංගුවට ගෙන සිටින පුද්ගලයින්ගෙන් මාස 6 කට වැඩි කාලසීමාවක් හමුදා සේවය අතහැර ගිය පුද්ගලයින් සේවය අතහැර ගියා සේ සලකා නිදහස් කරන බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: