තාජුඩීන් ආයෙත් කරලියට

April 29, 2017 | 3:00 pm    0   180

තාජුඩීන් ආයෙත් කරලියට

ජින්ටෙක් ආයතනයේ ජාන පරික්ෂාවට ලක් කළ මාලබේ සයිටම් ආයතනයේ තිබි සොයා ගනු ලැබු මරණකරු වු රගර් ක්‍රිඩක මොහොමඩ් වසිම් තාජුඩින්ගේයැයි සැක කරනු ලැබු කලවා හා පපු අස්ථි කොටස් අධිකරණයට භාර දෙන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා පෙරේදා(27) ජින්ටෙක් ආයතනයේ ජෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය රුවන් ඉලෙපෙරුම මහතා වෙත නියෝග කළේය.
වර්ෂ 2016/10/3 වන දින මාලබේ සයිටම්හි තිබි මෙම අස්ථි කොටස් සොයා ගත් බවත් 2016 /10/19 වන දින ‍ජින්ටෙක් ආයතනයේ ජාන පරික්ෂාව සඳහා යොමු කළ මෙම කොටස් සම්බන්ධ 2017/4/4 වාර්තාව මගින් ‍එම අස්ථි කොටස් අතර මරණකරුවු රගර් ක්‍රිඩක මොහොමඩ් වසිම් තජුඩින්ගේ අස්ථි කොටස් අඩංගු නොවන බවට වාර්තා වි තිබිණ.
මිට අමතරව හිටපු ජනපති ආරක්ෂක සේනාංකයේ මඟින් දෛනික රාජකාරි සම්බන්ධ පවත්වාගෙන යනු ලැබු ලේඛනය සම්බන්ධයෙන් කනල්වරු ,මේජර්වරු,කපිතාන් හා සෙසු නිලයන් සම්බන්ධ නිලධාරින් 25දෙනෙකුගේ ප්‍රකාශ ලබා ගත් බවත් තවත් සෙසු නිලයන් සම්බන්ධ නිලධාරින් 14 දෙනෙකු ප්‍රකාශ ලබා ගැනිම සඳහා රහස් පොලිසිය වෙත කැදවා ඇති බවට ද රහස් පොලිසිය අධිකරණය වෙත දැන්විය.
දුරකථන කුළුණු වලින් 2012/5/16 හා 17 අළුයම් කාලයේ සම්ප්‍රේෂණය වු සැක සහිත දුරකථන අංක හිමි පුද්ගලයින් පරික්ෂා කර දිර්ඝ ලෙස ප්‍රකාශ ලබා ගත්බවත් පුද්ගලික ඔත්තුකරුවන් ලබා දුන් තොරතුරු අනුව විමර්ශන සදහා කණ්ඩායම් කිහිපයක් ඔස්සේ විමර්ශන පවත්වන බවට රහස් පොලිසිය අධිකරණය හමුවේ පැවසිය.
සිද්ධිය වු දින තාජුඩින්ගේ වාහනය ලුහුබැද ගිය වියොස් වර්ගයේ වාහනය සම්බන්ධයෙන් කරනු ලැබු විමර්ශනයේ දි එම වර්ගයේ වාහන සම්බන්ධ වාර්තා කැදවා විමර්ශන පවත්වන බවට ද රහස් පොලිසිය මහෙස්ත්‍රාත්වරයා වෙත දැන්විය.
දෙවන සැකකරු වන අනුර සේනානායක මහතා විසින් අධිකරණයේ සිදු කරනු ලැබු ප්‍රකාශ සම්බන්ධව නිතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනිමට ක්‍රියා කරන බවට ද රහස් පොලිසිය අධිකරණය වෙත දැනුම් දුන්නේය.
අදාළ කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් ලබන මස 4 වන දින දක්වා රක්ෂිතබන්ධනාගාරගත කිරිමට‍ නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: