තාජුඩීන් ගොඩ යාපනේ විද්‍යා යට

October 6, 2016 | 9:59 am    0   813

තාජුඩීන් ගොඩ යාපනේ විද්‍යා යට

2015 මැයි මාසේ 13 වන දා යාපනේ කයිට්ස් ප්‍රදේශයේදී සමූහ දූෂණයට ලක්වී ඝාතනයට ලක්වුණ ශිව ගුරු නාදන් විද්‍යා නැමති පාසල් සිසුවියගේ ඝාතනයට අදාළ පරීක්‍ෂණ මේ වනවිටත් අඩපණ වෙලා.

මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන මනිලිංගම් ශිවකුමාර් ඇතුළු තවත් පිරිසකගේ මිලේච්ඡ ඝාතනයට ලක්වුණ මෙම දැරියට සාධාරණයක් ඉටුකරන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වුණා.

මෙම ඝාතනයට අදාළ පර්යේෂණ සියල්ල නතර වී තිබුණත් වසීම් තාජුඩීන්ට අදාළ පර්යේෂණ විධිමත්ව ක්‍රියාත්මක වන්නේ එය රාජපක්‍ෂ රෙජිමයට අදාළ පර්යේෂණයක් නිසාදැයි ඇතැමුන් චෝදනා කරනවා.

වසීම් තාජුඩීන්ට මෙන්ම යාපනේ විද්‍යාට ද සාධාරණයක් ඉටු කරන්නට වගකිව යුතු පාර්ශව වල අවධානය යොමු කළ යුතු කාලය දැන් එළඹ තියෙනවා.

චමෝදි කලුආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: