තාත්තව මරලා තියෙන්නෙ කුඩා කාලේ සිට ඉවසන්න බැරි හිරිහැර නිසාලු

May 11, 2017 | 1:00 pm    0   380

තාත්තව මරලා තියෙන්නෙ කුඩා කාලේ සිට ඉවසන්න බැරි හිරිහැර නිසාලු

අතුරුදහන් වූ බවට වාර්තා වී ඝාතනය කර ඇති බවට පසුව හෙළි වූ වත්තල කෙරවළපිටිය ප්‍ර දේශයේ පදිංච් පුද්ගලයාගේ සිරුර ඊයේ(09) වත්තල ප්‍රධාන මහේස්ත්‍රාත් පූර්ණිමා පරණගමගේ මහත්මිය ඉදිරියේ ගොඩගනු ලැබිණි.
මියගි ය පුද්ගලයාගේ දියණිය කළ පාපොච්චාරණයට අනුව නිවස පිටුපස මෙසේ වළදමා තිබියදී සිරුර ගොඩගනු ලැබිණි.
පියාගෙන් කුඩා කල සිටම සිදු වූ ශාරිරික හිරිහැර ඉවසාගත නොහැකිව ඒ බව තම සැමියාට මේ බව පවසා පියා ඝාතන කිරිමට සැලසුම් කර බව දියණිය පාපෝච්චාරණය කර ඇත. මෙම කාන්තාවගේ සැමියා විසින් තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර තිබේ. දේහය දින දෙකක් නිවස තුළ තබා පසුව නිවස පිටුපස හෑරූ වළකට දමු බව දියණිය පවසා ඇත. පසුව ලේ තැවරුණ සියලු ඇඳුම් ගිනි තබා විනාශ කළ බවද දියණිය පොලිසියට පවසා ඇත.
මිය ගිය පුද්ගලයාගේ දියණිය හා ඇයගේ ස්වාමිපුරුෂයා දේහය වළදමා තිබූ ස්ථානයට පෙරේදා(08) පෙරවරුවේ රැගෙන එනු ලැබූ අතර එහිදී ගම්වාසීන් හූ හඩ නගමින් ඔවුනට විරෝධය පල කරනු දැකගන්නට ලැබිණි.
මිය ගිය පුද්ගලයාගේ බිරිඳ, දියණිය හා බෑණා ලබන 23 වනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියෝග ලැබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: