තැපැල් පමාව නිසා සංජීවනීට සරසවිය අහිමියි

February 27, 2017 | 9:14 am    0   407

තැපැල් පමාව නිසා සංජීවනීට සරසවිය අහිමියි

ලිපි නොලැබීම හේතුවෙන් සරසවි වරම් අහිමි වී ගිය තවත් තරුණියක් පිළිබදව සූරියවැව තැලවිල්ල ප්‍රදේශයෙන් වාර්තාවේ.

2015 වර්ෂයේ සූරියවැව තැලවිල්ල මහා විද්‍යාලයේ කලා අංශයෙන් උසස් පෙළ හදාරා A සාමාර්ථයක් හා B සාමාර්ථ දෙකක් ලබාගත් එල් .ජි .එච් .නයනා සංජිවනි රජරට විශ්වවිද්‍යාලයට තේරී පත්වී ඇති බවද ඒ සදහා ජනවාරි 30 පෙර ලියාපදිංචි වන ලෙසට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මගින් ලියාපදිංචි තැපැල් මගින් ලිපියක් එවා තිබුණද එම ලිපිය ඇයට ලැබී ඇත්තේ පෙබරවාරි 06 වනදා බව එල් .ජි .එච් . නයනා සංජිවනි කීවාය.

ඇය වැඩිදුරටත් මෙසේද පැවසීය.

“සූරියවැව තැලවිල්ල ප්‍රදේශය දුෂ්කර ගම්මානයක් වන අතර ගමට ඇත්තේ උප තැපැල් කාර්යාලකි. එහි ලිපි බෙදන්නෙකු නොමැති අතර ප්‍රදේශයේ ජනතාව උප තැපැල් කාර්යාලයට ගොස් තමන්ට ඇති ලිපි සොයා බලා ලිපි ලබා ගන්නවා . මගේ පියා අසනීප තත්ත්වයෙන් සිටින නිසා එම සතිය තුළ ලිපි සොයා බලන්න නොහැකි වුණා. එම නිසා මට ලැබි ඇති ලිපිය ලබා ගන්න බැරි වුණා.
මගේ අම්මයි තාත්තයි බලාගෙන හිටියේ මාව කොහොම හරි විශ්ව විද්‍යාලයට යවලා උපාධියක් අරන් දෙන්නයි. ඒකට ඒ අය ගොඩක් මහන්සි වුනා. දුක් වින්දා අපිට උගන්වන්න අපි ඉගෙන ගත්තත් දැන් ඒ දෙය අහිමි වෙමින් යනවා.
මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කළා. ඒ සම්බන්ධයෙන් තවම පිළිතුරක් ලැබුණේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: