තිස්සමහාරාමයෙන් හදිසියේ මැණික් ඉල්ලමක් මතුවේ… මැණික් සොයා සිය ගණනින් තිස්සමහාරාමයට…

May 30, 2017 | 5:48 pm    0   290

තිස්සමහාරාමයෙන් හදිසියේ මැණික් ඉල්ලමක් මතුවේ… මැණික් සොයා සිය ගණනින් තිස්සමහාරාමයට…

තිස්සමහාරාමයෙන් හදිසියේ මැණික් ඉල්ලමක් මතුවේ…

මැණික් සොයා සිය ගණනින් තිස්සමහාරාමයට…

තිස්සමහාරාම සඳුන්ගම ප්‍රදේශයේදී හදිසියේම “මහා මැණික් ඉල්ලමක්” මතුව ඇති බව වාර්තාවේ. මේ වනවිට රට පුරා ඇතිවී තිබෙන හදිසි අපදා තත්වය ගැනද නොසලකා මිනිසුන්  සිය ගණනින් මැණික් සොයා තිස්සමහාරාමයට පැමිණේ.

දින ගණනාවක් තිස්සේ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමගින් මුළු රටේම හදිසි අපදා තත්වයක් ඇතිවී තිබෙන මොහොතක තිස්සමහාරාමයේ ඇතිවූ අලුත්ම තත්වය පිලිබඳ “ඇපල්” සිදුකල විශේෂ ගවේෂණයකදී මේ පිලිබඳ තොරතුරු අනාවරණය විය.

තිස්සමහාරාමයේ සිට බෙරලිහෙල මාර්ගය ඔස්සේ සදුන්ගම හරහා පැමිණෙන විට මෙම අලුත්ම මැණික් ඉල්ලම් සහිත ප්‍රදේශය හමුවේ. මෙම මාර්ගය අසල “මැණික් පාලම” නමින් පාලමක් පවතී. මේ දිනවල එම ස්ථානයේ  නව බෝක්කුවක් ඉදිකිරිම සඳහා වලවල් කපමින් සිටි පිරිසකට මෙලෙස මුලින්ම මැණික් හමුවී ඇති බව වාර්තාවේ. එම සිදුවීම මුලින්ම වාර්තාවන්නේ 28 වැනිදාය.

මෙම බෝක්කු සාදන පාලම දෙපස එක කුඹුරක්  එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතාට අයත් බවද වාර්තාවේ. කෙසේ වුවද මෙම බෝක්කුව සැදීම මේ වනවිට නතරවී ඇති අතර, ඊයේ (30) දිනය පුර එම ස්ථානයේ ආරක්ෂාවට විශේෂ කාර්ය බලකායේ සෙබළුන් යොදවා සිටි බවට වැඩිදුරටත් වාර්තාවේ.

රටේ විශාල ප්‍රදේශයක් මෙම අපදා තත්වයෙන් පිඩාවට පත්ව ඇති මොහොතක ඒ සියල්ල අමතක කර දමා මේ වනවිටත් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණෙමින් සිටින බව වාර්තාවේ. ඒ ආපදාවට ලක්වූවන්ට කඩිනමින් සහන සැලසීමට නම් නොවේ. කෙසේ හෝ මෙම මැණික් ඉල්ලමින් මැණිකක් සොයාගෙන තම තමුන්ගේ අනාගතය සරිකරගැනීමේ ඉමහත් බලාපොරොත්තුවෙනි. මෙවන් දරුණු විපතකින් හිරිහැර විඳි ජනතාවට එවන් හෝ සහනයක් ලබාදීමට සොබා දම් මෑණියන්ට හිතක් පහල වුයේ නම් එයද රටේ වාසනාවකි. එම මිනිසුන්ගේ පෙර පින් පළදිමකි.

මේ පිළිබඳව අප කල සොයා බැලීමකදී අනාවරණය වුයේ ගංවතුර, නායයෑම් වැනි අපදා තත්වයකදී මෙවන් දේවල් සිදුවිය හැකි බවයි. එනම්, පස ස්තර ගණනාවකින් යුක්තව පවතින අතර, මෙවන් දරුණු භූ ගෝලීය ඛාදනයකදී ඉහලින් ඇති පස් ස්තර කැඩී බිඳී යාම නිසා පහලින් පවතින පස් ස්තර මෙලෙස ඉහලට මතුවීමට ඉඩ ඇත.

මැණික් සැදීම සිදුවනුයේ  පස තුල තැන්පත්ව ඇති “කාබන්” නමැති රසායනිකය වසර දස දහස් ගණනක් අධික පිඩනයට සහ උෂ්ණත්වයට ලක්වීමෙනි. එමනිසා ඒවා අනිවාර්යෙන්ම තිබෙනුයේ පොලව මතුපිට ඇති පස් ස්තරයන්ට වඩා ස්තර ගණනක් යටිනි.

එමනිසාම මෙම මැණික් ඉල්ලම් කතාවේ යම් සත්‍යක්ද තිබිය හැකිය. විශේෂයෙන්ම මෙම පාලමට මැණික් පාලම යනුවෙන් හදුන්වන්නේ නිකම්ම වීමටද බැරිය. එනමුත් තවමත් මේ පිළිබඳව නිල වශයෙන් කිසිවක් වාර්තාවී නොමැත.

මෙහි නවතම වාර්තා අනුව සඳහන් වන්නේ ඊයේ (30) දිනයේදී ද යුධ හමුදා විශේෂ බලකායේ සෙබළුන්ගේ ආරක්ෂාව මෙම ස්ථානයට ලබා දී ඇති බවත්, ඒ අතරතුර කිසියම් පිරිසක් පැමිණ එම ස්ථානයෙන් විශාල පස් කොටසක් රැගෙන ගොස් ඇති බවත්ය. එම පිරිස කවුරුන්ද යන්න මෙතෙක් හෙළිවී නොමැති අතර ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ පිරිසක් හෝ වෙනත් කණ්ඩායමක් විසින් මෙසේ පස් රැගෙන ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: