තිස්ස අත්තනායකට රට යන්න අවසර

June 21, 2017 | 2:36 pm    0   164

තිස්ස අත්තනායකට රට යන්න අවසර

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහා ලේකම් තිස්ස අත්තනායක මහතාට විදේශ ගතවීම සඳහා කොළඹ මහාධිකරණය ඊයේ (20) අවසර ලබා දුන්නේය.

පසුගිය ජනාධිපතිවරණය සමයේ එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අතර රහසිගත ගිවිසුමක පවතින බවට මාධ්‍ය සාකච්චාවකදී ව්‍යාජ ලේඛනයක් ඉදිරිපත් කරමින් ජාතින් අතර සුහදතාවය කඩ කල බවට චෝදනා එල්ල වී ඇති තිස්ස අත්තනායක මහතාට චෝදනා එල්ල වී තිබුණි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා පත් භාරදීමෙන් අනතුරුව අත්තනායක මහතාගේ විදෙස් ගමන් කොළඹ මහාධිකරණයෙන් තහනම් කර තිබිණි.

ඕස්ට්‍රේලියාවේ සිටින සිය දියණියගේ සුවදුක් විමසීමට තමාට අවශ්‍ය බැවින් එරටට යාමට තමන්ට අවශ්‍ය බව මෝසමක් මගින් දන්වා සිටියේය. ඒ සඳහා ජුනි 23 සිට ජුලි 13 දක්වා කාල සිමාව තුල තමාට ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීම සඳහා දැනට පනවා තිබෙන ගුවන් ගමන් තහනම ඉවත් කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එයට විරෝධතාවයක් ඉදිරිපත් නොවූ බැවින් ඒ සඳහා අවසර ලබාදුන් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අත්තනායක මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය ජුලි 17 යළි අධිකරණය භාර දිය යුතු බවට ද නියෝග කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: