දඹුල්ල උපත් පාලන සිද්ධියට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මැදිහත්වීමක්

March 9, 2017 | 11:00 am    0   241

දඹුල්ල උපත් පාලන සිද්ධියට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මැදිහත්වීමක්

දඹුල්ල මූලික රෝහලට ඇතුළත්ව සිටින ගැබිණි මව්වරුන්ට වෛද්‍යවරියක් විසින් පවුල් සැලසුම් ක්‍රම බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරනු ලැබීම පිළිබඳව මාධ්‍ය මගින් පල කළ වාර්තාවලට අනුව පරික්ෂණයක් ආරම්භ කර ඇති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර පවසයි.

“ගර්භණී සමයේ දියවැඩියාව” පිළිබඳව දැනුවත් කිරීමේ ජාතික දිනය වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියේ ය.

ඒ අනුව උපත් පාලන සැත්කමට ගැබිණි මාතාවගේ එකඟතාවය තිබුණාද නැද්ද යන්න පරික්ෂා කරන බවත් පවුල් සැලසුම් ක්‍රම බලහත්කාරයෙන් කිරීමට අපහසු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියේය.

කොළඹ රිජ්වෙි ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබා සුව වූ දරුවන් රෝහලෙන් නික්මයාමේදී මුහුණ දෙන ගැටලු පිළිබඳවද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කර සිටි අතර ඒ පිළිබඳව සොයා බලන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

ගර්භනී තත්ත්වයට පත්වන මව්වරුන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කර බැලීමෙන් එහි සීනි ප්‍රමාණය මෙන්ම දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබදව තොරතුරුද අනාවරණය කර ගත හැකි බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසූ අතර කාන්තාවක් ගර්භනී තත්ත්වයට පත්වීමට පෙර ඒ පිළිබදව දැනුවත් කිරීමේ කරුණු ඇතුළත් පෝස්ටරයක් ද හදුන්වා දෙන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: