දශක හතරක මියැසි පෙළහර; කීර්ති ගී…

May 14, 2017 | 12:00 pm    0   241

දශක හතරක මියැසි පෙළහර; කීර්ති ගී…

ගායන ශිල්පී කීර්ති පැස්කුවල්ගේ සංගීත දිවියට දශක හතරක් සපිරීම නිමිත්තෙන් ‘කීර්ති ගී’ නමින් ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. 2017 මැයි මස 20 වැනි දින සවස 7.00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන එම ප්‍රසංගයේ ආකෘතිය සැකසී ඇත්තේ පසුගිය දශක හතරක කාලය තුළ ශ්‍රී ලාංකේය ජනප්‍රිය සංගීතයේ සිදු වූ වෙනස්කම් සහ එහි ගලා යෑම ඇසුරින් වීම ද විශේෂත්වයක්. මරියසෙල් ගුණතිලක, එරල් ප්‍රනාන්දු, ඇනස්ලි මාලේවන, සමිතා මුදුන්කොටුව, නිරෝෂා විරාජිනී, නෙලූ අධිකාරී, චේතනා රණසිංහ, කසුන් පැස්කුවල් සමග චාරුණී පැස්කුවල් යන ශිල්පී, ශිල්පිණියන් ගායනයෙන් එක් වන ‘කීර්ති ගී’ ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණ කටයුතු සිදු කරනු ලබන්නේ සරත් ද අල්විස්, මහේෂ් දෙනිපිටිය සහ නාලක සජී ජයසිංහ යන ප්‍රතිභාපූර්ණ සංගීතඥයන් විසින්.

ප්‍රවීණ නිවේදක කැළුම් ශ්‍රීමාල් විසින් ප්‍රසංගය ඉදිරිපත් කරන අතර, කීර්ති ගැයූ නවතම ගී දහ අටක් ඇතුළත් ‘තරු පොකුරු’ සංයුක්ත තැටිය එළිදැක්වීම ද එහි දී සිදු කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: