දහතුන් හැවිරිදි දැරියක් දරුවෙකු බිහිකරයි

June 29, 2017 | 4:24 pm    0   130

දහතුන් හැවිරිදි දැරියක් දරුවෙකු බිහිකරයි

දහතුන් හැවිරිදි දැරියක් දරුවෙකු බිහිකළ පුවතක් අවිස්සාවේල්ල රෝහලෙන් වාර්තාවේ. ඇය දරුවා බිහිකළ ද එම දරුවා මියගොස් ඇති අතර, මව මේ වනවිට අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.

7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක වන මෙම ළාබාල මව තරුණයෙකු අතින් වරින් වර අතවරයට ලක්ව ඇති අතර, එහි ප්‍රතිපලයක් ලෙස මෙම දරුවා පිළිසිඳගෙන ඇති බව සඳහන්ය. අතවරයට ලක් කල තරුණයා මෙම මවගේ මිතුරියකගේ පෙම්වතා බව වැඩිදුරටත් වාර්තා වේ.

මේ පිළිබඳව එම දැරිය විසින් දැරණියගල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. ඉන් අනතුරුව අධිකරණ නියෝග මත සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සිද්ධිය පිලිබඳ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: