දළ පූට්ටුවාගෙ අනුවේදනීය ඝාතනයේ සුලමුල

December 5, 2017 | 10:49 am    0   128

දළ පූට්ටුවාගෙ අනුවේදනීය ඝාතනයේ සුලමුල

ගොවියා විසින් වපුල කෙතෙහි ගොයම් ගස් ඵල දැරුවා පමණක් නොව ගොජර බජිරි තුනැස්ස යනාදී වල් ගස් ද හුස්ම ඇද්දෝය. මෙහිදී ගොවියාගේ වරදක් නැත. ගොවියා වපුලේ වී පමණකි. එහෙත් වල් ගස් ඉබේම ඒ කෙත තුළ ගොයම් ගස්වලට වැසී ඒ මතින් යැපෙන්නට විණි. මෙය මා ඇසූ කතාවකි. අමනුස්ස මිනිස් කැල මැද මා හට ද ඇතැම් විට හුස්ම අදින්නට සිදුවන මොහොතේ දී ඇති වන සිත්වේදනාවෙන් මිදෙන්නට මා උක්තයෙහි සඳහන් කළ දෙය නිතර නිතර සිහි කළ දෙයකි. මේ සමාජ නමැති කෙතෙහි බත සරි කරන, කුසගින්න නැමැති මහා වේදනාව සංසිඳවන ගොයම් ගස් මෙන්ම වල් ගස් ද තිබෙන වග මා දනිමි. මිනිසුන් මැද හුස්ම අදින අමනුෂ්‍යයින්ගේ හුස්ම ඇදීම අතිශය ස්වාභාවික යැයි මා තේරුම්ගන්නට එයම කදිම සිහි කැඳවීමක් ලෙසින් මගේ හදවතේ නිධන්ගත වූ දෙයක් ය යන්න මා ඔබට මෙහිදී ප‍්‍රථමව ගෙනහැර පෑමට කැමැත්තෙමි. මන්ද මේ කතාන්දරය තුළ සැඟව ඇත්තේ ඔබත් මමත් හුස්ම අදිනා මේ පොළොවේ පය ගැසූ නොමිනිසුන්ගේ ක‍්‍රියාවන් වන නිසාය.

මහ සියඹලන්ගමුව වැව අසබඩට පිපාසයට දිය බොන්නට ආ ගිය ගල්ගමුව ගමේ මිනිස්සුන්ට කරදරයක් හිරිහැරයක් නොකළ, ගල්ගමුවේ කැලයට ආශිර්වාදයක් මෙන්ම ආඩම්බරයක් ද වූ ගල්ගමුවේ දළ පූට්ටුවා යන්න ලංකාවේ විශාලම දළ සහිත ඇතුන් අතරින් සුවිශේෂී මානව හිතෛශි ඇතෙකු ලෙස ජීවත්ව හිඳ ඇත්දළ ජාවාරම්කරුවන්ගේ අතින් ඝාතනයට ලක්ව ඉතිහාසයට එකතුව අවසන් ය. වනජීවී නිලධාරින් සහ පරිසරවේදීන්ගේ පරිශ‍්‍රමයේ ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය නොවැම්බර් විසිනම වන දින ඝාතනය කර දෙදළ කපා දැමූ ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර කහල්ල පල්ලෙකැලේ මොරගොල්ලාගම සොරොව් වැව ප‍්‍රදේශයේදී හමුවූ අතර වෙඩි තැබීමෙන් පසු ඇදවැටුණු හස්තියාගේ සිරුරේ කොටස් වළ දැමීමකින් තොරව වන ගහනය තුළ දිරාපත් වෙමින් තිබුණි. මෙහිදී පිටුපස වම් පාදයට වෙඩි වැදී පෙර ප‍්‍රතිකාර කළ සලකුණු ම`ගින් දළ පූට්ටුවාගේ සිරුර හඳුනාගන්නා ලදි.

ගල්ගමුවේ දළ පූට්ටුවා යනු ගල්ගමුව ගමට පමණක් නොව ශ‍්‍රී ලංකාවේ සතුන්ට හා පරිසරයට ආදරය කරන මිනිසුන්ගේ ගෞරවය දිනාගත් තේජාන්විත ඇත් රජෙකි. වන මුර්ග මිනිස් කැල අතින්ම අන්ධයෙකු බවට පත්වූ මෙම අහිංසක සත්ත්වයා තමාට සිදුවූ අසාධාරණය හේතුවෙන් වෛරීසහගත ක‍්‍රියාවන්හි නිරත වූයේ නැත. තමන්ගේ පාඩුවේ තමන්ගේ වාස භූමිය තුළ එහා මෙහා ගිය හෙතෙම ජීවිතයේ අවසන් කාලය ගෙවූයේ බොහෝ ව්‍යාධි මධ්‍යයේ ය. මේ ගෙවුණු මාස කිහිපය ඔහුගේ ජීවිතයට අඳුරු කාලයක් විණි. දෙනෙත් අඳ ඇත් රජ තෙම තම සීමාවන්වලින් ඔබ්බට පියමනින්නේ ඒ නිසාය. ඒ සීමාවන් තරණය කිරීම තුළින් ඔහුගේ ජීවිතයට හානියක් වේ ය හෝ ඔහුගේ තේජස විදහාපාන ඇත්දළ යුගලය නිසා මුදලට ගිජු පාපතර මිනිසුන් අතින් ඔහුගේ ජීවිතයේ ඉරණම තීරණය වේ ය යන්න ඔහු නොසිතන්නට ඇත. කෙසේ වෙතත් කිසිවෙකු නොදන්නා නන්නාඳුනන පළාතක ඔහුගේ මරණය මිනිස් වෙස් ගත් තිරිසනුන් අතින් සිද්ධ විණි. කොටස් සිඳින ලද ඔහුගේ සිරුර වාසභූමියෙන් එහා වූ නන්නාඳුනන පළාතක මිහිදන් විණි. එහෙත් එය අතුරුදහන් වීමක් ලෙසින් ගෙනහැර පෑමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෘත ශරීරය හමුවනතුරුත් ක‍්‍රියා කළහ. ඇතැම් විට එසේ ප‍්‍රකාශ කළ ඔවුන්ම වලාන ¥ෂණ මර්දන ඒකකයේ නිලධාරීන් ඇත්දළ යුවළ හා ඔහුව ඝාතනය කළා යැයි සැක කරන සැකකරුවන් අල්ලා ගත් පසුව එය පූට්ටුවාගේ යැයි කියමින් කිසි`දු සාධක ඔප්පු කිරීමකින් තොරව පරස්පර විරෝධි අදහස් ප‍්‍රකාශ කරන්නටත් විණි.

ගල්ගමුවේ පූට්ටුවා මියැදුණේ මුදලට ගිජු මිනිසුන්ගේ උවමනා එපාකම් මතය. පූට්ටුවාගේ යැයි සැක කෙරෙන ඇත්දළ යුවළ සොයාගත් වේලෙහි පටන් පූට්ටුවාගේ මරණයේ වංහුං සොයා ගිය ඉරිදා ඇපල් අපට පූට්ටුවාගේ මරණයට වගකිව යුතු පාර්ශ්ව කිහිපයක සහ එයට වක‍්‍රව සහයෝගය දුන් අයවලූන්ගේ තොරතුරු හමුවිය.

ශ‍්‍රී ලංකාවේ වාර්තාගත ඇත් ගහනය දෙස බලනවිට වසරකට සිදුවන අලි ඝාතන ප‍්‍රමාණයක් දෙසිය පනහකට වැඩි වනවා මිස එය ඊට වඩා අඩුවක් වන්නේ නැත. මෙම ඝාතනවලින් වැඩි කොටසක් සිදුවන්නේ ඇත්දළ ජාවාරම්කරුවන්ගේ උවමනාවන් මතය. අනෙක් සියලූ ඝාතනයන් වගා පාළු කිරීම සම්බන්ධයෙන් සිදුවූ ඝාතන බවට උපුටා පෙන්වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවල නිලධාරින් ක‍්‍රියා කරයි. ඇත් ඝාතනවල ඉතිහාසය පිරික්සීමේදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල ලාංඡුනයේ ඉන්න පොඩි පූට්ටුවා නැමැති ඇතා පවා ඝාතනය කර මරා දමා ඇති වග අප සොයාගතිමු. කනගාටුවට කරුණ නම් එම සත්ත්වයා පවා මරා දමා ඇත්තේ උද්‍යාන භාරකරුගේ නිල නිවස අසලදී වීමය.

මීට අමතරව මහකනදරාවෙ අන්ධයා, යාල මහසෙන්, වන්නි මහපූට්ටුවා, කුබ්ලායි කාන්, චෙංගීස් කාන්, වලවේ රාජා යනාදී වූ බොහෝමයක් ඇතුන්ගේ මරණ පාපතර නොමිනිසුන් අතින් සිදුවී ඇති අතර මොවුන් ඇතැමුන්ගේ මෘත ශරීර පවා ඇතැම් විට සොයාගැනීමට හැකි වී නැත. එය එසේ තිබියදී පසුගිය දා ගල්ගමුවේ ලොකු පූට්ටුවාගේ ඇත්දළ සොයා ගැනීමත් සමඟම විෂයභාර අමාත්‍යයවරයා පාර්ලිමේන්තුවේදී කිඹුල් කඳුළු සලමින් පූට්ටුවාගේ මරණය සම්බන්ධව තොරතුරු සපයන අයට පෞද්ගලිකව මුදල් ත්‍යාග දීමට සූදානම් බව පවසමින් කතාවක් ද කළේය. මෙහි ඇති හාස්‍යජනක කාරණය නම් ගල්ගමුවේ පූට්ටුවා අන්ධ සතෙකුව ජීවත්ව සිටියදීත් ඔහුගේ අන්ධභාවය හා අසරණකම ගැන හොඳින්ම දන්නා විෂයභාර අමාත්‍යයවරයා එකී දැනුවත්භාවය එසේ තිබියදීත් බොහෝ පරිසරවේදීන් ඉල්ලීම් කර තිබියදීත් ජී.පී.එස්. තාක්ෂණය සහිත කරපටියක් ඔහුගේ කරට පලඳා ඔහුව ආරක්ෂා කිරීමට ක‍්‍රම උපායන් නොදීමයි. බාගවිට විෂයභාර අමාත්‍යවරයා ඒ සඳහා ක‍්‍රම උපායන් යොදා තිබුණා නම් මේ වනතුරුත් ගල්ගමුවේ පූට්ටුවා හුස්ම අදිනවා ය. එසේ වූවා නම් ඔහුට තම පෞද්ගලික ගිණුමේ ඇති මුදල්, ත්‍යාග මුදල් කරමින් ඝාතකයින් සෙවීමට සිද්ධ වන්නේ ද නැත.

මෙහිදී දැන්විය යුතු මූලිකම කාරණය නම් විෂයභාර අමාත්‍යයවරයාගේ සිට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දක්වා සිටින අයවලූන්ගේ නිද්‍රාසහගත ස්භාවයයි. මේ සිදුවීමට පෙර සිදුවූ ඇත් ඝාතනවලදී ලංකාවේ ජීවත්වන සුවිශේෂී අවශ්‍යතා ඇති ගල්ගමුවේ පූට්ටුවා වැනි ඇතුන්ට රේඩියෝ සංඥා සහිත කරපටි පැලඳිය යුතු බවට බොහෝ පරිසරවේදීන් විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කල් ඇතිවම යෝජනා කර ඇත. ගල්ගමුවේ පූට්ටුවා ද එයින් එක් විශේෂයකි. එවකට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ සරත් පතිරත්න මහතා පවා එවැනි වන ඇතුන්ට කරපටි දෙසියයක් පලඳින බවට මාධ්‍යය ඉදිරියේ දිවුරුම් දී ඇත. එහෙත් එවකට සිටි අයවලූන් ද මෙවකට සේවයේ නියතු බලධාරීන් ද ඒ පිළිබඳව කිසි`දු දෙයක් සිදුකර නැත.

එවැනි දුර්වලකම් මත දුවන මෙම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පසුගියදා වලාන ¥ෂණ මර්දන ඒකකය විසින් පොල්පිතිගමදී අත්අඩංගුවට ගත් ඇත් දළ යුවළ පවා ගල්ගමුවේ පූට්ටුවාගේ ද යන්න සැක හැර දැනගැනීමට කිසි`දු සාධකයක් ඔවුන්ට තිබුණේ නැත. ලංකාව තුළ සිටින 130කට පමණ සීමා වූ මුළු ඇතුන්ගේ අනන්‍යතාව සොයාගැනීමට ඞී.එන්.ඒ. බැංකුවක් හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නැත. එකී දුර්වලකම් මත සැප කාමරවල සිහින දකින නිලධාරින් විසින් පසුදා සොයාගත් ඇත්දළ යුවළ ගල්ගමුවේ පූට්ටුවාගේ යැයි හිතලූවක් මත සලකා නම් කළා මිසක කිසි`දු සාධකයක් මත පදනම්ව ඔප්පු කිරීමකින් එය ගල්ගමුවේ පූට්ටුවාගේ යැයි හැඳින්වීමට ඔවුන්ට නොහැකි විය.

වන අලින්ගේ ජීවන රටාව විනාශ කළේ මිනිසුන්මය. මිනිසුන් වනය එළිපෙහෙළි නොකර සිටියා නම් හෝ ඔවුන්ගේ වාසභූමි ආක‍්‍රමණය නොකර සිටියා නම් වන අලි ගම්වදින්නේ නැත. මිනිසුන් ඔවුන්ගේ ස්වාර්ථය මත පදනම්ව (විල්පත්තුව – අන්දර වැව වැනි රක්ෂිත එළිපෙහෙළි කිරීම්* තම අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීමේ අරමුණින් වන සතුන්ගේ භූමිය එළිපෙහෙළි කළ නිසාවෙන් ඒ පිළිබඳව නොදත් වනසතුන් ඔවුන්ට හුරු පුරුදු මඟ දිගේ ආ ගියා මිසක කිසි කලෙකදී ඔවුන් මනුස්ස වාසභූමිවලට බලහත්කාරයෙන් නොගියහ. එහෙත් එවැනි ගැටලූ සාකච්ඡුා කිරීමේදී ”අලි වැටට කටු කම්බි ගැසිය යුතුය.” යැයි වැනි යෝජනා ගෙන එන්නට තරම් සිඟිති දරුවන් යොදාගන්නා උත්තර දෙන අයවලූන් සිටින මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය පිළිබඳව ඔවුන්ට කූද්දා නැවත නැවත සිහි කිරීමට පරිසරවේදීන්ට සිදුව තිබීමම බරපතළ කරුණකි.

පසුගිය නොවැම්බර් විසි නම වැනිදා උදෑසන ගල්ගමුවේ පූට්ටුවාගේ මරණයේ පරීක්ෂණය මෙසේ සිදුවෙමින් පවතින විට තබ්බෝව වන රක්ෂිතය තුළින් තවත් ඇතෙකුගේ මරණයක් වාර්තා විණි. එකී මරණය වාර්තා වන මොහොත වන විට සංරක්ෂණ දෙපාර්තුමේන්තුව තුළදී පරිසරවේදී ශශිකලණ රත්වත්ත හා මාතර ආනන්ද සාගර හිමියන් ඇතුළු කණ්ඩායමක් විසින් ගල්ගමුවේ පූට්ටුවා පිළිබඳව සිදුකර ඇති ක‍්‍රියාමාර්ග මොනවාද යන්නත්, ඊට අදාළ කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙසත්, මේ වන තෙක් සිදුව ඇති ඇත් මරණ හා තවදුරටත් එවැනි අවාසනාවන්ත සිදුවීම් සිදුවීම වැළැක්වීමට ගෙන ඇති ක‍්‍රියා මාර්ග මොනවාදැයි යන්නත් සාකච්ඡුා කරමින් සිටියහ.

මෙහිදී තබ්බෝව වන රක්ෂිතය තුළ සිදුවූ මෙම මරණය පිළිබඳව සඳහන් කර ඔවුන්ගෙන් කරුණු විමසීමට ඔවුන් අමතක නොකළ අතර එහිදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මංජුල අමරරත්න මහතා තබ්බෝව පිළිබඳ ගැටලූවේදී නිරුත්තර සහගතව අදහස් ප‍්‍රකාශ කිරීමෙන් වැළකී නැගී සිටිමින් පිටව ගිය අයුරු අපට දැකගන්නට ලැබිණි.

විෂය පිළිබඳව බලය හා වගකීම ඇති එවැනි නිලධාරින් නිරුත්තර සහගතව මෙසේ පිටව යන්නේ නම් ඔවුන්ගෙන් මෙම දෙපාර්තමේන්තුවට ඇති ඵලය හා ඔවුන්ගෙන් ශ‍්‍රී ලංකා සත්ත්ව හා වනාන්තර පද්ධතියට සිදුවන සෙත ශාන්තිය කුමක් දැයි යන්න ගැටලූව මෙහිදී අපට පෞද්ගලිකව නැගුණු ගැටලූව වූ අතර ජනතාවගේ ප‍්‍රශ්න කිරීම්වලදී එවැනි හැසිරීමක් පෙන්වන්නේ ඔවුන්ගේ දුර්වලකම් වසා ගැනීමට නොවේ දැයි යන්න ප‍්‍රතිඋත්තරයක් ලෙස අප උපකල්පනය කළෙමු. තබ්බෝව වන රක්ෂිතයේදී සිදුවූ එම ඝාතනය පිළිබඳව ඔහුගේ නොදැනුවත්භාවය පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටම කැළැලක් වූවා මිස ඔහුගේ හැසිරීමෙන් එයට අත්වූ ගෞරවයක් නොමැති වග ද මතක් කිරීමට කැමැත්තෙමු.

කෙසේ වෙතත් ගල්ගමුවේ මිනිසුන්ගේ ගෞරවය ආදරය දිනාගත් ගල්ගමුවේ අහිංසකයා වූ ගල්ගමුවේ දළ පූට්ටුවා මේ රටේ නොමිනිසුන් මරාගෙන අවසන් ය. පරීක්ෂණ පැවැත්වෙන මොහොත වනවිට නිකවැව ප‍්‍රදේශයේ භික්ෂුවක් පලාගොසින්ය. එම භික්ෂුවගේ සමීපතමයෙකු හා ආදරණීය සුරතලෙකු ද වූ සැකකාර පුද්ගලයා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ සිටියි. මෙම ඝාතනය වෙනුවෙන් ඔවුන්ගේ සම්බන්ධය හා එම ඝාතනයේ වැරදිකරුවන් සොයාගත් පමණින්ම ගල්ගමුවේ පූට්ටුවාගේ මරණයේ වටිනාකම ලැබෙන්නේ නැත. ගල්ගමුවේ පූට්ටුවා පමණක් නොව මේ භූමිය මත පාපතරයින්ගේ අතින් මියගිය සියලූම ඇතුන් හා අලින් වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉෂ්ට විය යුතුය. දළ පූට්ටුවාගේ මරණයට වටිනාකමක් ලැබෙන්නේ වනජීවී අමාත්‍යයවරයාගේ සිට වනජීවී නිලධාරින් දක්වා වූ සේවක මඩුල්ල තම රාජකාරිය හරියාකාරව සිදුකළොත් පමණක් ය. සීමිත පිරිසකට කොටු වූ දිනෙන් දින නොමිනිසුන් අතින් මිය යන ඇතුන්ගේ ජීවිත වෙනුවෙන් මීට වඩා වටිනාකමක් හා ආරක්ෂාවක් ලැබිය යුතුය. ඊයේ ගල්ගමුවේ දළ පූට්ටුවා ය. අද වනවිට තබ්බෝවේදී ඝාතනය වූ ඇතා ය. හෙට? හෙට කොහේ කොහේ ඇත්දළ වෙනුවෙන් හා මුදලට ගිජු වූ පාපතර මිනිස් වෙස් ගත් තිරිසනෙකුගේ ඕනෑකමට ඇතෙකුගේ ප‍්‍රාණය මේ මිහිතලය මතින් සදහටම නික්ම යාවි දැයි නොදනිමි.

”දළ යුවළක එකම හිමිකරු විය යුත්තේ ඇතෙකුම පමණි. ඇතුන් මියයාමෙන් පසු සිරුර සම`ග දළ පුළුස්සා විනාශ කර ඇත් දළවලට ඇති මිත්‍යාදෘෂ්ටික වටිනාකම සමාජයෙන් ඉවත් කළ යුතුය.”

ස`දරු දසනායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: