“දිගටම ඉන්න හොදට ගහන්න ඕනි” – දික්‌වැල්ල

January 31, 2017 | 10:07 am    0   527

“දිගටම ඉන්න හොදට ගහන්න ඕනි” – දික්‌වැල්ල

විස්‌සයි විස්‌ස තරගාවලියේ ආරම්භක පිතිකරුවා ලෙස පැමිණි නිරෝෂන් දික්‌වැල්ල සිය ස්‌ථානය සඳහා වැඩි කැමැත්තක්‌ දක්‌වන බව පවසයි.

දික්‌වැල්ල මේ තරගාවලියේදී නිත්‍ය ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කරන පළමු අවස්‌ථාව මෙය වන අතර ඔහු මීට පෙර ටෙස්‌ට්‌ සහ එක්‌දින පිලේ මැද පෙළ පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළේය.

සිම්බාබ්වේ පැවැති තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේදී අංක තුන පිතිකරුවා ලෙස පැමිණි දික්‌වැල්ල බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පන්දු 106 කදී හතරේ පහර හතක්‌ සහ හයේ පහරක්‌ සමග ලකුණු 94 ක්‌ ලබාගැනීම ඔහු ක්‍රීඩා කළ එක්‌දින තරග හත තුළදී දැක්‌වූ ඉහළම දක්‍ෂතාව වේ.

එම ඉනිම හේතුවෙන් ඔහුට විස්‌සයි – 20 තරගාවලියේද ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කිරීමට අවස්‌ථාව ලැබුණි.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකානු වැනි කණ්‌ඩායමක්‌ සමග පැවැති තරගාවලියකදී තරගයේ වීරයා සම්මානය ලැබීමෙන් දික්‌වැල්ල ඉතාමත් ඉහළ මානසිකත්වයකින් පසුවෙයි.

”මම ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කරන්න කැමතියි. මොකද පළමුපෙළ තරගවලදිත් මම ක්‍රීඩා කරන්නෙ ඉදිරිපෙළ පිතිකරුවෙකු හැටියට. ටෙස්‌ට්‌ කණ්‌ඩායමේ කඩුලු රකින්නා විදිහට පැමිණි නිසා තමයි මැද පෙළ ක්‍රීඩා කරන්න වුණේ. නමුත් කණ්‌ඩායමට අවශ්‍ය නම් මට කඩුලු රැකල ආරම්භක පිතිකරුවා ලෙසත් ක්‍රීඩා කරන්න පුලුවන් දකුණු අප්‍රිකාව වැනි රටක්‌ සමග තරග කරල තරගාවලියේ වීරයා සම්මානය දිනා ගැනීම ඇත්තටම සතුටට කරුණක්‌. නමුත් ඒ තරගාවලියේදී ලැබුණ තණතීරුවට වඩා වෙනස්‌ තණතීරුවක්‌ තමයි පෝට්‌ එලිසෙබත් හිදී ලැබුණේ.” මම පළමු පෙළ තරගවලදීත් ඩිල් ස්‌කූප් පහර ගහනවා. ඩිල්ෂාන් අයියා ගහනව බලන් ඉඳල තමයි ඒ පහර ඉගෙන ගත්තෙ. නමුත් ඩිල්ෂාන් අයිය තමයි ඒ පහර හොඳින්ම එල්ල කරන්නෙ.” යෑයි පැවසීය.

මේ වන විට 23 හැවිරිදි වියේ පසුවන දික්‌වැල්ල එක්‌දින තරග හතකදී අර්ධ ශතකයක්‌ සමග මුළු ලකුණු 184 ක්‌ ලබා සිටියි. ඔහුගේ ඉනිමක සාමාන්‍ය 30.66 ක්‌ ලෙස සටහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: