දික්වැල්ලට තරග තහනමක්

February 21, 2017 | 11:37 am    0   753

දික්වැල්ලට තරග තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ලට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තරග තහනමක් පනවා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව හෙට (22) තරගය සහ මීළඟ එක්දින තරගය ඔහුට තහනම් කර තිබේ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග ඉකුත්දා පැවති දෙවන පන්දුවාර විස්සයි – තරගයේදී සිය දැවීයාම පිළිබඳ ඔහු හැසිරුණු ආකාරය මීට හේතුවී ඇති බව පැවසේ.

දකුණු අප්‍රිකාව සමග ඉකුත්දා පැවති සිවුවැනි එක්දින තරගයේදීද කගිසෝ රබාඩා සමග පිටියේ ඇති කර ගැටුමක්ද මීට හේතු වී ඇත.

මෙම සිදුවීම හේතුවෙන් අන්තර් ජාතික කවුන්සිලය විසින් රබාඩා සහ දික්වැල්ලට තරග මුදලින් සියයට 50ක දඩ මුදලක් ද ඉකුත්දා නියම කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: