දිල්ශාන් තිලකරත්න අත්අඩංගුවට ගන්න කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නියෝග කරයි

April 25, 2017 | 12:00 pm    0   297

දිල්ශාන් තිලකරත්න අත්අඩංගුවට ගන්න කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නියෝග කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිඩක දිල්ශාන් තිලකරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා විසින් ඊයේ (24) වරෙන්තු නිකුත් කළේය.
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවන නඩත්තු නඩුවකට පෙනි නොසිටිම හේතුවෙන් මහෙස්ත්‍රාත්වරයා මෙසේ වගඋත්තරකාර ක්‍රිකට් ක්‍රිඩක දිල්ශාන් තිලකරත්න මහතාට වරෙන්තු නිකුත් කළේය.
නඩත්තු නඩුව කැඳවු අවස්ථාවේ දි වගඋත්තරුකරු අධිකරණය හමුවේ පෙනි නොසිටි අතර ඔහු වෙනුවෙන් ඇපකරු හෝ පෙනි නොසිටි අතර අදාල නඩත්තු මුදල් ගෙවිම් ද පැහැර හැර ඇති බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.
වගඋත්තරකාර දිල්ශාන් තිලකරත්නට වරෙන්තු නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා ඇපකරුට නොතිසි නිකුත් කරමින් නඩුව යළි කැඳවිම මැයි මස 24 වන දිනට කල් තැබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: