දීපිකාට පිරිමියෙක්ගෙන් අභියෝගයක්

දීපිකා පදුකෝන් කියන්නෙ අභියෝග හමුවෙ නොසැලෙන චරිතයක්. ඒත් ඇය හොලිවුඩයෙත් අභියෝග ජය ගත් බොලිවුඩ් නිළියක්. දීපිකාට විශේෂයෙන් අභියෝග තියෙන්නෙ නිළියන්ගෙන් බව කවුරුත් දන්නවා වුණත් මේ වෙද්දි ඇයට පිරිමියෙක් අභියෝගයක් විදිහට දැනිල්ලා තියෙනවා. ඒ බොලිවුඩයෙ සිනමා අධ්‍යක්ෂක විශාල් භරද්වාජ්.

විශාල්ගෙ ඊළඟ චිත්‍රපටියෙ ප්‍රධාන නිළිය වෙන්නෙ දීපිකායි.

“නිසැකවම විශාල් එක්ක වැඩ කිරීම අභියෝගයක්.” දීපිකාම කියනවා.

විශාල් භරද්වාජ් එක්ක මීට කලින් ‘පීකු’ චිත්‍රපටියෙ රඟපාලා දීපිකා හොඳම නිළිය බවටත් පත් වුණා.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)
Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 17 =