දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

June 20, 2017 | 6:33 pm    0   119

දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

By Editor

අද (20) මධ්‍යම රාති‍්‍රයේ සිට කි‍්‍රයාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත. අදාල බලධාරීන් සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළැඹ ඇති බව වාර්තා වේ.

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් අද (20) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව මිට පෙර සඳහන් කර තිබුණි. ලොකොමොටිව් ඔපරේට් ඉන්ජිනියස් රියදුරු සංගමය සහ ලංකා දුම්රිය නියාමක සංගමය මෙම වැඩ වර්ජනය කැඳවා තිබුණි.

ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා සමඟ කළ සාකච්චාවකදී තම ශ්‍රේණියට අදාළ ඉල්ලීම් ඉටුකරන බවට පොරොන්දුවක් ලබාදුන්න ද මෙතෙක් එම ඉල්ලීම් ඉටු නොකිරීම නිසා මෙලෙස වැඩ වර්ජනයකට යාමට තම කමිටුව තීරණය කල බව ඔවුහු සඳහන් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: