දුවෙක් නෙමයි එයා මට තාම පුතෙක් භූමිගේ අම්මා කියන කතාව

January 1, 2018 | 12:16 pm    0   1170

දුවෙක් නෙමයි එයා මට තාම පුතෙක් භූමිගේ අම්මා කියන කතාව

ලෝකය දියුණුය. සංවර්ධිතය. වානරයාගේ සිට මානව පරිණාමයේ වසර දහස් ගණනක් ගෙවී ගිය ද වෙනස් වන ලෝකයේ නොවෙනස් වන දෙයක් වේ නම් ඒ අම්මාය. ඇය හෝමෝසේපියන්, ඉරෙක්ටස්, නියැණ්ඩතාල්ලාගේ සිට තවමත් තම ලේ කිරි කඳුළු දරුවන්ට පොවන්නීය. වැසි අකුණු මැද නින්දා අපහාස මැද දරුවන් ඇකයේ හොවා උණුහුමට සුරක්ෂා කරන්නීය. ඒ අම්මාය.
අම්මලා හැමදාම දැවෙති. ගින්න සඟවාගෙන තනිවම දැවෙති. අම්මලාගේ කඳුළට උඩින් සිනහවක් ඇත. දරුවන් තුරුලූ කරගෙන අම්මලා මහා ? යාමේ හොරැුහින් තනිවම හදන්නීය. අම්මලා පුතුන්ට වැඩිපුර ආදරේය. තාත්තලා දියණියන්ට වැඩිපුර ආදරේය. ඒ ස්වභාවධර්මයේ හැටිය. තමන් වැ¥ දරුවා කවුරු වුණත් අම්මලා ආදරේය. ඒ ඇගේ ඇෙ`ග් කෑල්ලකි. තමාගේම කොටසකි. ඒ අම්මලාගේ ආදරේය.

අම්මලාගේ දුක් ඉහිලූම ගැන අපට සිතන්නටවත් බැරිය. ඇය දර්ශිලා රත්නායක ආරච්චිලාගේ අනෝමා ය. ඇය කුමුදු හරේන්ද්‍රන් නම් ලත් පුතෙකු වැදුවාය. එහෙත් වර්තමානයේ ඇය අප හ`දුනන්නේ භූමි හරේන්ද්‍රන් නමැති ලිංගික සංක‍්‍රාන්තියට පත් තරුණයාගේ මව ලෙසය.
සරමක් ද කම්බායක් ද, කොල්ලෙක් ද කෙල්ලෙක් ද භූමි කුස දරා සිටිද්දී ඇයගේ හිතවතුන්, නෑදෑයින් කලූපගව අසන්නට විය. ඇය පැතුවේ ද`ගකාර කොල්ලෙකි. මේ ඒ ආදරණීයම අම්මාගේ කතාවයි.

විලි ඇවිස්සෙන කොළඹ අහස යට ෆ්ලැට් අයිනේ පුංචි එවුන් සෙල්ලම් ගෙවල් හදති, ක‍්‍රිකට් ගසති, කෑ ගසති, හූ කියති, එකම කෙළිදෙලකින් පෙළෙති. අම්මා ඒ ලෝකය දෙස බලා සිටියාය. ජීවිතයේ බර ඇය දැන සිටියාය. එසේම ලෝකය ඒ තරම්ම සුන්දර නැත. ඇය එය ද දැන සිටියාය. දිනය එළඹිණ. ඇය කොළඹ කාසල් රෝහලේදී පුංචි කොලූ පැටියෙකු ලොවට බිහි කළාය.

අද ඒ කොලූ පැටියා සොබාදහමට යටත්ව දියණියක්ව සිටී. ඒ අම්මා තමන් වැදූ ඒ දරු පැටියාට සෙනෙහසින් පවුලක බර කරට ගෙන ඇ`දක් මත වැතිරී අතීත මතක සම`ග පමණක්ම ගනුදෙනු කරන රෝගී වූ තම සැමියා ද රැුකබලා ගන්නීය. ඒ දෙමටගොඩ මහල් නිවාස සංකීර්ණයකය.

භූමි ගැන ලංකාවම දනී. එහෙත් ඒ ජීවිතයට පණ දුන් අම්මා කොහිද? ඇය කුමක් කරනු ඇත්ද? කප්පරක් බලාපොරොත්තු තබාගෙන කුසින් වැ¥ පිරිමි දරුවා ගැහැනියක් වීම අම්මා නම් වූ සෙනෙහෙබර සංවේදී හදවතට කෙසේ දැනෙන්නට ඇද්ද? ඒ අම්මා සොයා ගත යුතුය. ලෝකයක් වපර ඇසින් බලන මිනිස් ජීවිත දෙස ආදරෙන් සෙනෙහසින් අත්වැල් බැ`දගන්නට නම් ඒ හෘද සාක්ෂිය අප සොයාගත යුතුය.

භූමිගේ අම්මා පත්තරේකට කතා කරන්න කැමති වේවිද? ඒ ප‍්‍රශ්නයට පිළිතුර ඇත්තේ ඒ අම්මා ළඟමය. භූමිගේ දුරකතයට ඇමතුමක් ගත්තේය. භූමිගේ හඬ අවදි විය. ”අම්මට නත්තලනේ. පොඞ්ඩක් ගෙදර අස් කරන ගමන් ඉන්න අම්මට දෙන්නම්.” ”අම්මා අපට ටිකක් මුණගැහිලා කතා කරන්න පුළුවන්ද? පත්තරේට ලිපියක් කරගන්න ඕන.” ”එහෙනම් හවසට එන්න.”

දෙමටගොඩ මහල් නිවාස සංකීර්ණයේ ඇගේ නිවහන සොයා අපි යන්නේ ඒ අනුවය. ඇය හද පිරි සෙනෙහසින් අප නිවසට ඇතුළු කරගත්තාය.

”මම හැදුණේ කොන්වන්ට් එකේ ත‍්‍රීකුණාමලේ. ගෙවල් කොළඹ. ඉතින් නත්තලට ටිකක් ලෑස්ති වුණා.” ඇය අප අපහසුතාවයට පත් වේ යැයි සිතුවා විය හැකිය. ඒ අම්මලාගේ හැටිය. අම්මලාට තමන්ට කලින් අනෙකාය. හුරුබුහුටි නිවසේ කැබිනෙට්ටුව මත භූමි කුඩා කල ගත් ඡුායාරූප පෙළකි. ඒ අම්මගේ වස්තුවයි.

ඇය තම භූමි නම් වූ දියණියට වඩා කුමුදු නම් වූ ආදරණිය පුතාට ආදරේය. ඇගේ හිතට එකලාසයක් නැත. ”එහෙත් මේ මං වැදූ දරුවා. මට අහක දාන්න බෑ.. මේ මගේ පුතා…” සියල්ල නිහ`ඩය… ඇගේ දෙනෙතින් ක`දුළු කැට කඩා හැලෙද්දී අපේ පපුව සිර විණි… ඇය අසලම භූමි ඉඳගෙන සිටින්නීය. අම්මා.. ඇය සෙමෙන් ඇගේ හිස පිරිමදින්නීය…. බබා… ක`දුළු තුළින් ඇය තමන් වැ¥ පුතුගේ මුහුණ භූමි තුළ සොයන්නීය.

මිනිසුන්ට ඇත්තේ තමන් ළඟ නැති දේවලට වඩා තමන් ළඟ තිබී නැති වූ දේ පිළිබඳ වේදනාවකි. ඒ අම්මාය. ඇය වැදූ පුතා ඇය තවම සොයන්නීය. භූමිගේ හිත හයියය. ඇය පිරිමි භාවය පසෙකලන්නේ ඒ හිතේ හයියටය.

”මට මෙයා හම්බෙලා මාස තුනෙන් මම රට යනවා… අපි එතකොට හිටියේ බොරැුල්ලේ. මම අවුරුදු 17න් කොන්වන්ට් එකේ ඉ`දලා කොළඹ අවා. මගේ අක්කා ඉන්නවා.. ඉතින් ටික කාලයක් ගිහින් මට මෙයාගේ තාත්තව මුණගස්වනවා මගේ අක්කා.. ඒක යෝජනා විවාහයක්… ඉතින් අපි බැඳලා අවුරුද්දකින් තමයි මට භූමි ලැබෙන්නේ. මෙයාගේ තාත්තගේ ගෙදර බොරැුල්ලේ. එහෙ තමයි හිටියේ. ඉතින් මට වඩා තාත්තයි, නැන්දයි, ආච්චියි තමයි පුංචි කාලේ ළඟින්ම හිටියේ. මම එන්නේ අවුරුදු දෙකකට සැරයක්. අපිට ගොඩක් අමාරුකම් තිබුණා. එක නිසා මට රට යන්න වුණේ… මගේ එකම බලාපොරොත්තුව තිබුණේ මෙයාට හො`දට උගන්නගන්න එක.” අම්මලාගේ හීන එහෙමය. තමන් වි`දි දුක දරුවන්ට දෙන්නට අම්මලා තුන් හිතකින්වත් කැමති නැත. ඒ වෙනුවෙන් තම ලේ ඇට මස් නහර දියකර හරින්නට ඇය සුදානම්ය. ඒ අම්මාය.

”මම අවුරුදු දහයකින් ලංකාවට එනකොට මෙයා ටිකක් ලොකුයි. තාත්තයි, නැන්දයි තමයි සේරම කළේ. තාත්තා හරි ආදරෙයි. අපිට ඉන්න එකම දරුවනේ.. තාත්තා ඩ‍්‍රයිවින් රස්සාව කළේ. ඉතින් අපි කොහොම හරි වියදම් කරලා මෙයාට උගන්නන්න ඕන වුණේ. මහන්සි වෙලා ඞී.එස්. එකට දාගත්තා.. මෙයා හො`දට ඉගෙනත් ගත්තා… ඒත්…”
ඇයට ඉකිගැසෙන්නේය. එය අත්වි`දිය හැක්කේ කාටද? ඒ අම්මාය. සියලූම දරාගැනීම් ඈ සතුය.

”අම්මා පුංචි කාලේ ඉ`දන් භූමිගේ වෙනස්කම් දැක්කද?”

”අවුරුදු පහළවේදී තමයි කටහඬ වෙනස් වෙනවා මට දැනුණේ.. මං තාත්තට කිව්වා. එයා ඉතින් ඒක ගණන් ගත්තේ නැහැ. ඒ ගෙදර තට්ටු තුනක් තිබුණා. මෙයා උඩම තට්ටුවේ තනියම. මම ඔය කාමරේ පිහදාන්න දවසක් යනකොට තමයි ඇ`දුම් අහුවුණේ… එතකොට මෙයා අනිත් පැත්තට ගිහින් ඉවරයි…

ගෙදර ගොඩක් ප‍්‍රශ්න ඇති වුණා. ඊට පස්සේ මෙයා යන්න ගියා ගෙදරින්.” ඇගේ පැහැපත් මුහුණ රැුලි වැටෙයි. දෑස් මිරිකෙයි… හදවතේ මව් සෙනෙහස රූරා වැටෙයි. අම්මලාට දරුවන්ගෙන් ඈතට යන්නට හිත් දෙන්නේ නැත. දරුවන් අම්මලා හැරදා පියා යද්දී ඒ වේදනාවේ තරම දන්නේ අම්මා කෙනෙකුමය. අම්මලා අසමසමය. ඇයට දරුවා සොයන්නට ම`ගක් නැත.

දිනක් සන්ක‍්‍රාන්තික ලිංගිකයන් පිළිබඳ රුපවාහිනී වැඩසටහනක තමන් වැදූ ආදරණිය පුත් රුවන කාන්තා ඇ`දුම් පැල`දුම් හැ`ද පැලඳ සිටිනවා ඇය දකින්නීය. ඒ මොහොතේ ඇයගේ හැ`ගීම් විස්තර කිරීමට තරම් හැකියාවක් අපට නැත. ඒ අම්මාය. ඇය දරාගන්නීය. ඇගේ ඇසින් ක`දුළු කඩා හැලෙන්නට ඇත. ඉකිගැසෙන්නට ඇත. පපුව සිරවී ගල් ගැසෙන්නට ඇත. කොයි මොහොතේ හෝ තමන්ගේ දරුවා තමන්ගේ උණුහුම හොයා නැවත එන බව ඇගේ සිත දැන සිටියාය. අම්මලා දරුවන් එනතුරු කල්ප ගණන් බලා සිටින්නේය. අම්මලා එහෙමය.

දෙමටගොඩට පිනිබර යාමය උදා වෙද්දී සැවුලන් හැඬලූවේ නැති වුණ ද, කොළඹ රේල්ලූව රජ ගමනින් ආවේය. ඒ එනකොට මේ අම්මා ද ලිප ගිනි මෙළවුයේය. ඇය පින්න මැකෙන්නට කලින් කඩයප්පන් සාදන්නිය. ඒවා තම සහෝදරියගේ කඩයට දී විකුණා ලැබෙන මුදලින් ජීවිතය සරි කරගන්නීය. එතෙකින් නොනැවතී අවුරුදු 27ක් ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන්නීය. ”මං වැඩ කරන ගෙදර මගේ වගේ.. මට හරි ආදරෙයි ඒ නෝනලා… මෙයාට උගන්නන්න එයාලත් උදවු කළා. මෙයාගේ ගැන දැනගත්තම හැමෝම අපිව අතෑරියා… එයාල එහෙම කළේ නැත්නම් අදටත් මං එතැන වැඩ…” ගෙදර බර තවමත් අම්මාගේ කර පිටය. ඇය වෙහෙසක් නොපෙන්වන්නිය. සිනහව පරිත්‍යාග කරන්නීය. දුක හංගා ආදරේ කරන්නීය. ඒ අම්මාය.

”අම්මා භූමිට දුව කියන්නේ නැද්ද…?” ”කවදාවත් බෑ. මේ මගේ පුතා, මට දෙයියෝ දුන්න දරුවා.. මගේ කුසින් වැදුවේ පුතෙක්. ඒක හැමදාම එහෙමයි. මේ මගේ පුතා..” ඒ උතුරන කදුළු දෙස බලා සිටිය නොහැකිය. ”මෙයා කලබල වුණා වැඩියි. අපි නැති වුණාම මෙයා ගැන බලාගන්නේ කවුද…?” අප නිහ`ඩ වීමු… මව් පපුතුරේ ගලන වේදනාව වචන කළ නොහැකිය.

ඇය භූමිට ආදරේය. ”මම දැන් ලෝකෙට මුණදෙන්න සුදානම්. ඉස්සර මං බය වුණා. ලැජ්ජාවක් දැනුණා… මේ මගේ දරුවා. මට ඉන්නේ මෙච්චරයි… කවුරු මොනවා කිව්වත් මට මගේ දරුවා වටිනවා.” අම්මලාට දරුවන්ගේ සුව`ද අමෘතය මෙනි. ඔවුන් ඒ සුව`දින් ස්නේහයේ පිපාසය සන්සි`දුවා ගන්නීය.

”මෙයාට ගෙදර ඉදන් සාරි ඇ`දගෙන යන්න බැහැ. මෙහෙ හරි වෙනස් සමාජයක් තියෙන්නේ.. කුණු කන්ද නිසා තමයි අපිට ෆ්ලැට්වලට එන්න හම්බුණේ. අපි දොර වහගෙන ඉන්නේ හැම වෙලේම. මෙයා ගෙදර කලිසම් ඇ`දගෙන ඉන්නේ. මං එළියට යවන්නේ නැහැ.” තම දරුවාට නිග‍්‍රහ වන බැල්මක්වත් අම්මලා අනුමත කරන්නේ නැත. අම්මලා දරුවන් රකින්නේ එහෙමය.

ඇගේ මුවට සිනහවක් නැගිණි. ”දවසක් හරි වැඩක් වුණා. මම බොරැුල්ලෙන් බස් එකේ නැගලා වැඩට යන ගමන්. එතකොට මෙයා ගෙදර එන්නේ නැති කාලේ.. කතාවක් නෑ අපි එක්ක. මම බස් එකේ ජනේලේ අයිනේ වාඩි වෙලා යද්දී සාරියක් ඇ`දගත්ත කෙනෙක් ඇවිත් මගේ ළ`ගින් වාඩි වුණා.. ඒ මගේ පුතා…”

”එතකොට අම්මා මොකද කළේ…?” ”මට කර කියාගන්න දෙයක් නැහැ.. පොළොව පලාගෙන යන්න හිතුණා… කොහොම හරි මෙයා මව මුලින් අ`දුනගත්තේ නෑ.. එක පාරටම මගේ දිහා බැලූවා… දඩිබිඩි ගාලා රාජගිරියෙන් බැස්සා… දැන් මට ඒවා ගාණක් නැහැ… මට දැන් තේරෙනවා මේ ලෝකේ හැටි මෙහෙමයි. එහෙම දේවල් සිද්ධ වෙනවා.. ඒක මගේ දරුවට විතරක් වුණ දෙයක් නෙමෙයි. මම ඉන්න ඕන එයාගේ ළ`ගින්ම කියලා…”

හදිස්සියේම ඇය හි`දගෙන සිටි පුටුවෙන් නැ`ගිට කාමරයට ගොස් ගෙන ආවේ තම පුතු ලිංගික සංක‍්‍රාන්තියට පෙර ඇයත් සම`ග ගත් අවසන් ඡුායාරූපයයි. ”මෙතැනින් පස්සේ තමයි මගේ දරුවා වෙනස් වෙන්න ගත්තේ…” දෑසේ කදුළු පුරවාගෙන ඇය ඡුායාරූපය ස්නේහයෙන් අතගෑවාය.

”මට ඕන මගේ දරුවා තනි වෙන්නේ නැතුව ජීවත් වෙනවා බලන්න…” ඒ අම්මාය… ඇය කිසිදා තම දරුවන් තනි නොකරන්නීය.

අපි සියල්ලෝම ස්වභාවධර්මයට යටත් වුවෝය. ඉන් ගැලවෙන්නට හැකි කිසිවෙකු නැත. එහෙත් ඒ සොබදහමේම වූ මව් සෙනෙහස සොබාදහමට ඉහළින් කිරි සුව`ද පතුරුවමින් සිටී. එවැනි සෙනෙහසක අම්මාවරුන් ගැන ලියූ තවත් කතාවක් මෙලෙස අවසන් කළෙමු… ජීවිතය නම් නවාතැනේ එකම නොසැලෙන ශක්තිය අම්මාය.

කසුන් ගනේවත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: