දුෂණ මර්දන කමිටු කාර්යාලය වැසේ

July 12, 2017 | 10:51 am    0   231

දුෂණ මර්දන කමිටු කාර්යාලය වැසේ

දුෂණ මර්දන කමිටු කාර්යාලය වසා දැමීමට ඊයේ (11) රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලයේ පුර්ණ එකගතාවය පලවී ඇත.

කැබිනට් මණ්ඩලය ඊයේ (11) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙම ලේකම් කාර්යාලය යටතේ විමර්ශනය කෙරුණු දුෂණ පිලිබඳ ලිපිගොනු දැනටමත් ක්‍රියාත්මක මෙවැනි දුෂණ සොයන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම් වැනි ආයතන වෙත භාරදීමට නියමිතය.

දුෂණ මර්දන කමිටු කමිටු කාර්යාලයේ නිල කාලය පසුගිය ජුනි 30 වැනිදායින් අවසන් වූ අතර, එහි නිල කාලය වසරකින් දීර්ඝ කරන්නැයි පසුගිය සතියේ කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: