“දුෂණ මර්දන ලේකම් කාර්යාලය වහන්නේ ඇමැතිවරු 10 ගේ දුෂණ හෙවිම වැලැක්වීමට” – විජිත හේරත්

July 13, 2017 | 12:34 pm    0   114

“දුෂණ මර්දන ලේකම් කාර්යාලය වහන්නේ ඇමැතිවරු 10 ගේ දුෂණ හෙවිම වැලැක්වීමට” – විජිත හේරත්

අගමැතිවරයා යටතේ ඇති දුෂණ මර්දන ලේකම් කාර්යාලය වසා දමන්නේ ආණ්ඩුවේ ඇමතිවරු දස දෙනෙකුට අධික පිරිසකගේ රුපියල් කොටි දහසක් පමණ වටිනා දුෂණ වංචා පිලිබඳ විමර්ශනය කරමින් සිටින මොහොතකදී බව ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා පෙන්වා දේ.

ඔහු පෙන්වා දුන් කරුණු මෙසේය.

  • මෝදර ධිවර වරාය මාසික තක්සේරු මුදල රුපියල් ලක්ෂ 17 ක්ව තිබියදී රුපියල් එක් ලක්ෂ දාහතක්ව තිබියදී රුපියල් එක් ලක්ෂ විසිපන්දහසක මාසික කුලියකට බ්‍රිතාන්‍ය සමාගමකට අවුරුදු 25 කාලයකට පවරාදීමෙන් රුපියල් කොටි 47ක් රජයට පාඩුකිරීමේ පැමිණිල්ල. 
  • ගිං ගඟ, නිල්වලා යෝජනා ක්‍රමය සඳහා රුපියල් කොටි 297 ක් වය කලද මෙතෙක් එහි එක පස් පිඩැල්ලක් හෝ නොකැපිම සම්බන්ධව ඇමති නිමල් සිරිපාල මහතාට එරෙහි පැමිණිල්ල 
  • වී අලෙවි මණ්ඩලයට රුපියල් කොටි 400 ක් පාඩු කරමින් වී තොග අලෙවි කිරීම සම්බන්දව වත්මන් විෂය භාර ඇමතිවරයාට එරෙහිව පවතින පැමිණිල්ල 
  • සුඛෝපභෝගී වාහන 211 ක් අඩුවෙන් තක්සේරු කොට මුදාහැරිම පිලිබඳ හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතාට එරෙහි පැමිණිල්ල 
  • කොළඹ විශ්ව විද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක් සඳහා පරිත්‍යාග කල නිවසක පෞරාණික ගෘහ භාණ්ඩ අතුරුදහන්කිරීම සම්බන්දව හිටපු උසස් අධ්‍යාපන ඇමති එස්.බි. දිසානායක මහතාට එරෙහි පැමිණිල්ල 
  • පාසල්වලට කම්කරු පත්වීම් ලබාදීම පිලිබඳ අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාට එරෙහි පැමිණිල්ල 
  • තෙල් සංස්ථාවේ මුදල් මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදාගැනීම සම්බන්ධව ඇමති අනුර යාපා මහතාට එරෙහි පැමිණිල්ල 
  • නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහි පැමිණිල්ල 
  • ලංකා ට්‍රාන්ස්පොමර්ස් සමාගමේ රුපියල් කෝටි 3ක් දේශපාලන කටයුතු වලට යොදාගැනීම 

මෙවන් බොහෝ පැමිණිලි පවතිත්දී දුෂණ මර්දන ලේකම් කාර්යාලයෙන් සිදුවූ සේවාවක් නැති බවට ආණ්ඩුව විසින් සාවද්‍ය ප්‍රකාශ සිදු කරන බව විජිත හේරත් මහතා පෙන්වා දේ.

මේ සඳහා රුපියල් කෝටි 40 ක් වැය වුවද ඉන් සිදුවූ සේවාවක් නැතැයි රජය මගින් ප්‍රකාශ කලද, ඇත්ත වශයෙන්ම මේ සඳහා වැය කර ඇත්තේ රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් පමණක් බවද ඔහු ප්‍රකාශ කළේය. තමා මෙම තොරතුරු දැනගත්තේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ බවද ඒ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: