දෙරණේ හේමාල් දෙරණම හඬවා යන්නම යයි

දෙරණ මාධ්‍ය ජාලයේ නිෂ්පාදකවරයකු ලෙස කටයුතු කළ අමිල හේමාල් මහතා අද (30) අළුයම හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මරණයට පත්වී ඇත.ඊයේ (29) මධ්‍යම රාත්‍රීයේ හදිසියේම රෝගාතුරුවීමෙන් අනතුරුව හෝමාගම රෝහලට ඇතුළත් කරන ලද අතර, ඉන්පසුව කොළඹ ජාතික රෝහලට මාරුකර එවා තිබිණි.

ජාතික රූපවාහිනියේ අතුරු මිතුරු වැඩසටහනින් රූපවාහිනියට  අත් පොත් තබන ඔහු 2012 වසරේ අගෝස්තු මස දෙරණ පවුල සමග එක්වන්නේ සහකාර නිෂ්පාදකවරයකු වශයෙනි.

එතැන් පටන් විවිධ දේශපාලනික, කාලීන වැඩසටහන්, වාර්තා වැඩසටහන් , කලා විචාර වැනි වැඩසටහන් රැසකට සක්‍රිය දායකත්වය සැපයූ ඔහු දෙරණ අරුණ, ලෝකය සහ ලෝකයෝ, වාදපිටිය, මෙන්ම නීතියට ඉඩක්, වැනි වැඩසටහන් සඳහා නිෂ්පාදන දායකත්වය ලබා දුන්නේය.

ඉන් අනතුරුව අමිල හේමාල් ‘ආර්ට් වීක්  වැඩසටහින් නිවේදකයෙකු ලෙස ප්‍රෙක්ෂකයාට සමීපවිය.

ඔහු නිමකළ ‘සුනාමි වර්ෂ පූර්ණය’ සහ ‘නැදුන්ගමුවේ රාජා’ වාර්තා වැඩසටහන් ගුණාත්මක නිර්මාණ භාවිතය සම්බන්ධයෙන් ඔහු සතු සුවිශේෂී හැකියාව විදහා පාන්නකි.

මෙම සුවිශේෂී දක්ෂතා හේතුවෙන් පසුගිය වසරේ දෙරණ ප්‍රවෘත්ති අංශයේ විශිෂ්ඨතම සේවකයින් උදෙසා පිදෙන රන් සම්මානයද තමන් සතු කරගැනීමට අමිල හේමාල් සමත්විය.

මෙවර ගංවතුර උවදුරේදීත් විපතට පත්වූවන් වෙනුවෙන් යුහුසුළු වූ ඔහු ඒ වෙනුවෙන්ම තම අදහස් කැටිකොට නිර්මාණය කළ ගීතයේ සංස්කරණ කටයුතු අවසන් කරනු ලැබුවේ ඊයේ දිනයේදීය.

සහෝදර ජනමාධ්‍ය ආයතනයක් වශයෙන් “ඇපල්” අපි සංවේගයෙන් යුතව මෙසේ සටහන් තබන්නෙමු.

අමිල හේමාල් සහෘදයානෙණි…….ඔබට නිවන් සුව……..!!!!!!!!!!!

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)
Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 3 =