දේවාලයේ කපුවා වගකිවයුතු උමයංගනීගේ මරණය

January 13, 2017 | 10:07 am    0   634

දේවාලයේ කපුවා වගකිවයුතු උමයංගනීගේ මරණය

දේවාලයක කපුවෙක් නිසා මෙලොව හැරයන්න සිදු වුනු උමයංගනී ප්‍රනාන්දු නමැති 38 හැවිරිදි කාන්තාවකගේ කතාවක් අපිට අහන්න ලැබුනා. ඇය ජීවත් වුනේ බංගදෙනිය ප්‍රදේශයේ. නොසිතු මොහොතක මෙලොව හැර ගිය ඇගේ කතාව ගැන  පුවත්පතක් වාර්තා කර තිබුණේ මේ ආකාරයෙන්….

දේවාලයක කපුවකු විසින් කාන්තාවකට පෙවූ යම් දියරයක්‌ විෂ වී එම දේවාරූඪයට සහභාගිවූ කාන්තාවක පෙරේදා ( (11 දා) රාත්‍රියේ මිය යැමේ පුවතක්‌ දුම්මලසූරිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

වැලිපැන්නගහමුල්ල පාලියගාර වැව අසල පිහිටි දේවාලයකදී ඉකුත් 11 වැනිදා රාත්‍රියේ එසේ දියරයක්‌ පානය හේතුවෙන් මියගොස්‌ තිබුණේ හලාවත බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි ඉශාරා උමයංගනී ප්‍රනාන්දු නමැති 38 හැවිරිදි දෙදරු මවකි. ඇය සැමියාගෙන් වෙන්වී සිටි අයකි. තමන්ට මතුව ඇති අපල හා වෙනත් අයෙකු විසින් කළ බව කියන දෝෂ සහිත තත්ත්වයක්‌ සඳහා පිළිසරණක්‌ ලබා ගැනීමට අදාළ කාන්තාව සිය ඥාති නැගණියකද සමඟ දේවාලයට පැමිණ තිබේ. දේවාලයේ කට්‌ටඬියා විසින් ඇය ආවේෂකොට අවසිහියෙන් යම් දියරක්‌ පානය කිරීමට ලබාදී ඇති අතර එය පානයෙන් පසුව ඇය දැඩි අපහසුතාවට පත්ව සිටි බව මූලික පොලිස්‌ පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.
සැකකාර කපුවා දුම්මලසූරිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය වූ ස්‌ථානයට (12 වැනිදා) පෙරවරුවේ ගිය කුලියාපිටිය වැඩබලන මහෙස්‌ත්‍රාත් නිහාල් ජයසිංහ මහතා විසින් මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය සිදුකළ අතර මෘත දේහය තැන්පත්කර තිබූ දුනකදෙණිය රෝහලට ගොස්‌ දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකොට ඥාතීන්ට භාරකිරීමට නියම කරන ලදී.

මෙම සිදුවීමෙන් පසු තමන්ගේ සහෝදරියගේ මරණය ගැන ඇගේ සොහොයුරා facebook සමාජ ජාලයේ සඳහන් කර තිබුනේ පහත අයුරිනි.

 

දේවාලයක කපුවෙක් නිසා මෙලොව හැරයන්න සිදු වුනු උමයංගනී ප්‍රනාන්දු නමැති 38 හැවිරිදි කාන්තාවකගේ කතාවක් අපිට අහන්න ලැබුනා. ඇය ජීවත් වුනේ බංගදෙනිය ප්‍රදේශයේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: