ධනවාදයට එරෙහිව සමාජවාදයේ ගිණි සිළුව කැස්ත්‍රෝ

November 28, 2016 | 1:14 pm    0   720

ධනවාදයට එරෙහිව සමාජවාදයේ ගිණි සිළුව කැස්ත්‍රෝ

කොමියුනිස්ට් විප්ලවයට පන දුන් කියුබාවේ හිටපු ජනාධිපති ෆිදෙල් කැස්ත්‍රෝ අභාවප්‍රාප්ත වුනේ මීට දින කිහිපයකට පෙරයි. 2016 අප්‍රේල් 20 වන දින පැවති කියුබානු කොමියුනිස්ට් පක්ෂ කොංග්‍රස් රැස්වීමේදී මෙසේ පවසා තිබුනා. “තව නොබෝ දිනකින් මම 90 වැනි වියට පා තබනවා. මෙපමණ කලක් මා ජීවත් වෙයි කියලා මම බලාපොරොත්තු වුණේ නෑ. හැම කෙනකුම වගේ මමත් යන්නට යාවි. අපි හැමෝටම ඒ අවස්ථාව උදා වෙනවා.” බොහෝ විට තමන්ගේ හිටපු නායකයා ජාතිය අමතන අවසන් අවස්තාව යයි පවසද්දී එම රැස්වීම් ශාලාවේ සහ එරට රූපවාහිනී නාලිකා හරහා ඔහුගේ කතාව අසා සිටි ජනතාවගේ ඇසට කඳුලක් එන්නට ඇත්තේ නිරායාසයෙනි.

1926 වසරේ කියූබාවේ දකුණු – නැගෙනහිර Oriente ප්‍රදේශයේදී උපත ලැබූ මෙම විප්ලවීය මිනිසා 1959 සිට 2008 දක්වා වසර 49ක් පුරාවට කියුබාව පාලනය කළා. 1959 වසරේදී කියුබාවේ කොමියුනිස්ට් විප්ලවය මෙහෙයවනු ලැබූ මොහු ධනවාදයට එරෙහිව සමාජවාදය ගොඩනැගීමට අරගලයක් ඇරඹුවා. එරටේ ඔහුගේ හිතවාදී ජනතාව ඔහුව හැඳින්වුයේ කියුබාවේ ගිණි සිළුව ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: