නවීන්ගේ අදහස පොල් පිටරටින් ගෙන්වන්නලු

April 25, 2017 | 5:00 pm    0   235

නවීන්ගේ අදහස පොල් පිටරටින් ගෙන්වන්නලු

ඉදිරියේදී පොල් පිටරටින් ගෙන්වීමට අවධානය යොමුව ඇති බව වැවිලි කර්මාන්ත ඇමති නවින් දිසානායක පැවසීය.

වෙන්නප්පුව ලුණුවිල පිහිටි පොල් පර්යේෂණ ආයතනය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා මේ බව පැවසීය.

පෙර දැනුම්දීමකින් තොරව, නිලධාරීන් හා කාර්ය මණ්ඩලය පුදුමයට පත් කරමින් එහි ආ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් මෙහිදී නිලධාරීන් හා වෘත්තීය සමිති නායකයන් හමු විය. ඔවුන්ගේ ගැටලුවලට ක්ෂණික විසදුම් කීපයක්ද ලබා දීමට කටයුතු කෙරිණි.

තමන් වෙත නිර්නාමික පෙත්සම් එවීමෙන් පලක් නොවන බවත් තමන් දෙපැත්තකින් මිරිකී ඇති බව පොල් මිල ජනතාවට එලොව පොල් පෙනීමට හේතුවක් වී ඇති බව මාධ්‍යවේදියකු පවසද්දී ඇමතිවරයා කීය.

රටින් පොල් ගෙන්වීම මෙයට හොඳම විසඳුම වුවත් ඊට පොල් වගාකරුවන් විරුද්ධ වීම තුළ පාරිභෝගිකයා පීඩාවට පත් වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

කෙසේ වෙතත් පොල් මිල ඉහල යාමට නියඟය හේතු වූ බවද පෙන්වා දුන් අමාත්‍යවරයා ඉදිරියේදී පොල් මිල පහළ යාමක් සිදු නොවුණහොත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග සාකච්ඡා කර විසඳුක් ලබා දෙන බවද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: