නව ජනාධිපති ලේකම් හෙට වැඩ භාර ගනී

July 3, 2017 | 1:11 pm    0   123

නව ජනාධිපති ලේකම් හෙට වැඩ භාර ගනී

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔගස්ටින් ප්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස හෙට (04) නව තනතුරේ වැඩ භාරගැනීමට නියමිතය.

මීට පෙර ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කල පී.බී. අබේකෝන් මහතා පසුගිය ජුනි 30 වැනි දින සිය තනතුරෙන් ඉවත්වීමත් සමඟ එම තනතුර මේ දක්වා පුරප්පාඩු වී තිබිණි.

මේ අතර නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්වීමට නියමිත ඔගස්ටින් ප්‍රනාන්දු මහතා අද (03) ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයට ගොස් සිය කාර්යමණ්ඩලයෙන් සමුගැනීමට සමුගැනීමට නියමිත බව ද වාර්තා වේ.

ගුරුවරයෙක් ලෙස රාජ්‍ය සේවයට එක්වූ ප්‍රනාන්දු මහතා හිටපු ආරක්ෂක ලේකම්වරයෙකි. මිට අමතරව අමාත්‍යංශ කිහිපයකම ජේෂ්ඨ නිලධාරියෙකු ලෙස සේවය කර ඇති ඒ මහතා පොළොන්නරුවේ සහ නුවරඑළියේ දිසාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: