නව බාලදක්ෂ කොමසාරිස් වැඩ භාර ගනී

August 2, 2017 | 12:36 pm    0   92

නව බාලදක්ෂ කොමසාරිස් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නව ප්‍රධාන කොමසාරිස් ලෙස පත්වූ මෙරිල් ජී. ඒ. ගුණතිලක මහතා පසුගියදා බාලදක්ෂ මුලස්ථානයේදී වැඩ භාර ගැනීම සිදු කළේය.

ශ්‍රී ලංකාවේ 19 වැනි බාලදක්ෂ කොමසාරිස්වරයා ලෙස ගුණතිලක මහතාව පත්කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

බාලදක්ෂ ව්‍යාපාරය ලෝකයේ ළමුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන විශාලතම ස්වෙච්චා සංවිධානයයි. මේවන විට ලොව රටවල් 168ක මෙය ව්‍යාප්ත වී පවතී.

මේ වනවිට ශ්‍රී ලංකාවේ සිටන බාලදක්ෂ ව්‍යාපාරයේ නිරත පිරිස 75000කි. වසර 2020 වනවිට එම පිරිස 100000ක් දක්වා වැඩිකිරීමට අපේක්ෂා කරන බව නව කොමසාරිස්වරයා සඳහන් කළේය.

ඒ මහතා මේ වනවිට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු වශයෙන් සේවය කරයි.

මෙම අවස්ථාවට රංජිත් සියඹලාපිටිය, විජයදාස රාජපක්ෂ, චම්පික රණවක, අජිත් සී. පෙරේරා යන ඇමතිවරුද පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: