නළුවන් නැතිව නිළියන් රඟන “සේයා” සිනමාපටය

July 10, 2017 | 5:30 pm    0   234

නළුවන් නැතිව නිළියන් රඟන “සේයා” සිනමාපටය

සිංහල සිනමාවේ පළමු වරට නළුවන් නොමැතිව නිළියන් පමණක් රංගනයෙන් දායක වන “සේයා” සිනමාපටය ළඟදීම ප්‍රදර්ශනයට නියමිත බව වාර්තාවේ.

නළුවන් පමණක් රංගන දායකත්වය ලබාදුන් සිනමාපටයක් මිට පෙර ශ්‍රී ලංකාව තුල නිපදවා තිබුනද මෙවන් සිනමාපටයක් නිපදවා ඇත්තේ පළමුවරට වීම මෙරට සිනමා කර්මාන්තයේ සුවිශේෂී කාරණාවක් ලෙස සඳහන් කිරීමට පුළුවන.

සේයා තිර රචනය සහ අධ්‍යක්ෂණය කල්‍යාණ චන්ද්‍රසේකරගෙනි. නීරෝ ෆිල්ම්ස් වෙනුවෙන් ඒ.පාරිස්ටර් සහ තරංග අතුරුලියගේ සිනමාපටයට නිෂ්පාදනයෙන් දායක වේ.

උදාරි පෙරේරා, දිල්හානි ඒකනායක, මැණික් විජේවර්ධන, නිරෝෂා මෛත්‍රී, දීපානි සිල්වා, ගයත්‍රී ඩයස්, මානෙල් වානගුරු ඇතුළු ප්‍රවීණ නිළියන් රාශියක් මේ සඳහා රංගනයෙන් දායක වේ.

සරත් වික්‍රම සංගීත අධ්‍යක්ෂණයෙන්ද, ජින්ජර්, සිත් රූ පාඨලී, මංජුලා කන්නන්ගර ගීත ගායනයෙන්ද චන්ද්‍රදාස ප්‍රනාන්දු සහ ලක්ෂ්මන් මල්ලවාරච්චි ගීත රචනයෙන්ද මේ සඳහා දායක වේ.

සේයා කැමරා අධ්‍යක්ෂණය ලාල් ඩයස්ගෙනි. ශබ්ද සැලසුම් ශෂික රුවන් මාරසිංහගෙනි.

සරසවි චිත්‍රාගාරයේදී 2M සහ 4k තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද ප්‍රථම සිංහල සිනමාපටය ලෙසින් “සේයා” ඉතිහාසයට එකතුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: