නාමල්ගේ අඟල් භාගේ තුවාලේ

October 6, 2016 | 10:12 am    0   1019

නාමල්ගේ අඟල් භාගේ තුවාලේ

නාමල් ජොගින් ගියේ පොඩ්ඩක් ඇවිදලා කරලා එන්න. ගමේ කොල්ලෝ සෙට් එක ෆුට්බෝල් ගහනවා දැක්කම නාමල් එතනට සෙට් වුණා.

නාමල්ට වඩා ක්ලාස් දාලා සෙල්ලම් කරන කොල්ලෝ සෙට් එකක් එතන හිටියේ. රගර් ගහපු නාමල් ෆුල් ටයිම් ෆුට්බෝල් ගහන කොල්ලන්ට සෙකන්ඩ් වෙන්න කැමති වුණේ නැහැ. කොහොම හරි කොල්ලෙක් බෝලෙ කික් කළා නාමල් හෙඩ් එකෙන් බෝලේ ගෝල් ෆෝස් එකට දාන්න ට්‍රයි කළත් එතන හිටපු උස කොල්ලෙක් නාමල්ට ඉස්සර වුණා.

ඒ කොල්ලගේ නලලේ නාමල්ගේ ඇහැ වැදුනා. නාමල් බිම වැටුනාම නාමල්ගේ මුහුණම ලේ වලින් නැහැවිලා. හප්පට හුඩු නාමල්ට අවුල්, එක්කගෙන යමු ඉක්මණට. ආරක්‍ෂකයින්ට වඩා කලබල උනේ නාමල්ගේ වටේ හිටපු ෆේස්බුක් සෙට් එක. තංගල්ල ඉස්පිරිතාලෙට නාමල්ට අරගෙන ගියා. නාමල්ගේ ලේ සුද්ද කරලා නාමල්ට බෙහෙත් දානකොට බුකියේ සෙට් එක ඒක ෆොටෝ ගහලා ෆේස්බුක් දැම්මේ නාමල්ට සැත්මක් කරනවා කියලයි. හැබැයි මැහුම් දෙකක් දාන්න වෙච්ච තුවාලයක් විතරයි නාමල්ට වෙලා තිබ්බේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: