නාරාහේන්පිට රථවාහන පොලිස් නිලධාරියා අන්තර්ජාලයෙන් නිකුත් කල වාහන අදායම් බලපත්‍රය පිළිනොගෙන දඩ කොලයක් දීලා

June 7, 2017 | 11:47 am    0   377

නාරාහේන්පිට රථවාහන පොලිස් නිලධාරියා අන්තර්ජාලයෙන් නිකුත් කල වාහන අදායම් බලපත්‍රය පිළිනොගෙන දඩ කොලයක් දීලා

By Editor

අන්තර්ජාලය මගින් රියදුරන් වෙත නිකුත් කරනු ලබන තාවකාලික වාහන ආදායම් බලපත්‍රය නාරාහේන්පිට පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරියෙකු විසින් පිළිගැනීමට නොහැකි බව පවසමින් රියදුරෙකු හට දඩ කොලයක් නිකුත් කළ පුවතක් වාර්තා විය.

එම සිද්ධිය පිලිබඳ එම රියැදුර විසින් facebook සමාජ ජාල වෙබ් අඩවියේ ඒ පිලිබඳ තබා තිබු සටහන මෙසේය.

“මා online ලබාගත් වාහන අදායම් බලපත්‍රය පිලිගත නොහැකි බව පවසමින් නාරාහේන්පිට තනි පොලිස් නිලදරියෙකු විසින් අද උදෑසන (05/06) මා හට දඩ කොලයක් ලබා දුන්නා. මම මේ පිලිබඳ 1919 වෙත පැමිණිලි කලවිට ලබා දුන් පිළිතුර වනුයේ මෙම බලපත්‍රය නිත්‍යානුකුල එකක් වන බවත් කිසිදු හේතුවක් මත මෙය ප්‍රතික්ෂේප කල නොහැකි වන බවත්ය.  එවිට මම නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති දැනුවත් කල පසු ඔහු නැවත මගේ රියදුරු බලපත්‍රය ලබාගැනීමට පැමිණෙන ලෙස පැවසුවා.”

මේ පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කල විමසීමකදී ඔවුන් ප්‍රකාශ කලේ නිත්‍යානුකුල බවත් බලපත්‍රයේ නියමිත වලංගු කාලයේදී එය අනිවාර්යයෙන්ම පිළිගතයුතු බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: