නියැන්ඩර්තාල් මානවයා වේදනා නාශක අරගෙනලු

March 16, 2017 | 10:00 am    0   484

නියැන්ඩර්තාල් මානවයා වේදනා නාශක අරගෙනලු

නියැන්ඩර්තාල් මානවයාගේ ශරීරයේ වේදනා නාශක සහ පෙනිසිලින් ඇති බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

මේ බව තහවුරු වී ඇත්තේ ඔවුන්ගේ දත් පිළිබඳව කළ අධ්‍යයනයකිනි.

නියැන්ඩතාල් මානවකයකු රෝගී වූ විට ඇස්ප්‍රින් රසායනය අඩංගු ශාකයක පොතු සැපීමට හුරු වී සිටි බව එම අධ්‍යයනයෙන් හෙළි වී ඇත. එසේම නූතන ප්‍රතිජීවක ඖෂධ නිපදවීමට බොහෝ කලකට පෙර නියැන්ඩතාල් මානවයා පෙනිසිලින් භාවිතා කර ඇති බවද පෙනී යන බව එම පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි.

ඊට අදාළ සාක්ෂි වසර 40,000කට පෙර මධ්‍යම යුරෝපයේ ජීවත් වූ නියැන්ඩතාල් මානවයෙකුගේ දත් මැලියම්වල ඪ්ණැ මගින් හමු වී ඇති බව එහි සඳහන් වේ.

දත් මැලියමින් ලබාගත් DNA අනුක්‍රමික පරීක්ෂණයට භාජනය කරමින් පර්යේෂකයන් විසින් අද්‍යතන මානවයාගේ සමීපතම ඥාතීන්ගේ ආහාර, ජීවන රටාව සහ සෞඛ්‍ය පිළිබඳව නව තොරතුරු රැසක් සොයාගනු ලැබ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: