නිල් කුරුල්ලා හැදුණේ මෙහෙමයි

February 21, 2017 | 10:10 am    0   666

නිල් කුරුල්ලා හැදුණේ මෙහෙමයි

ඔබ පසුගිය සතියේ අන්තර්ජාලය මත හිද කාලය ගත කළා නම්, ඔබ දම් පාට පරෙවියෙකු දකින්න ඇති.

එය එක රැයකින් සම්පූර්ණයෙන්ම ෆේස්බුක් පිටුවේ comment කොටස් පවරා ගෙන ඇති අන්තර්ජාල වෛරසයක් බවට පත් වුණා ඔබට මතක ඇති.

Syd Weiler නම් තැනැත්තිය විසින් නිර්මාණය කරන ලද මෙම පක්ෂියා Trash Dove යන නම සහිත ෆේස්බුක් ස්ටිකරයක් වශයෙන් අන්තර්ජාලයට මුදා හැරුණේ 2017 ජනවාරි 31 වන දිනයි. Trash Dove ෆේස්බුක් මත නිදහස් කර දින 5ක් ඇතුළත මිලියන 4ක ජනතාවගේ අදහස් මේ වෙනුවෙන් ලබාගත් අතර මෙය යොදාගෙන තායි වීඩියෝපටයක් කිරීමෙන් අනතුරුව මෙය ලොව පුරා මෙම උන්මාදය පැතිර ගියා. කාටුන් පක්ෂියෙකු ලෙසය නිර්මාණය කෙරුණු මේ අමුතු GIF ගොණු ෆේස්බුක් එකේ සිටින ඕනෑම අයෙකුට පාවිච්චි කළ හැකි පරිදි භාවිතයට මුදා හැරුණා.

Trash Dove පක්ෂියා Syd Weiler විසින් Illustrator සහ Adobe මෘදුකාංග යොදාගෙන නිර්මාණය කරන ලද ෆේස්බුක් ස්ටිකර් කට්ටලයක කොටසක්. PopDust සගරාව විසින් Weiler සමග පැවති සම්මුඛ සාකච්ඡුාවකට අනුව, ඇය කියා සිටියේ Trash Dove නිර්මාණය කර තිබෙන්නේ 2016 සැප්තැම්බර් මස වන අතර මෙය Apple ජංගම දුරකථන තුළ IOS හරහා පණිවිඩ හුවමාරු කිරීම සඳහා නිමැවුණු ස්ටිකර් සමූහයක් වන ලෙසයි. මෙම ස්ටිකර් සමූහය පෙබරවාරි මුලදී ජනප‍්‍රිය තායි ෆේස්බුක් පිටුවේ කාටුන් පූසෙකු සමඟ වීඩියෝ නර්තනයේ පෙනී සිටීමෙන් අනතුරුව, සතියකට පමණ පසු තායිලන්තය පුරා මෙය ජනප‍්‍රිය විය.

Weiler සමග කළ කතාබහේදී ඇය මීට පාදක වූ සිදුවීම කියා සිටියේ මෙසේ ය. ”මම පොකුණක් අද්දර වාඩි වී සිටියා. ඒ අසළ පරෙවියන් හැම තැනකම සිටියා. මං ඒ වගේ පරෙවියන් ගොඩක් මීට පෙර කවදාවත් දැකලා තිබුණේ නැහැ. මං එයාලව දැක්කේ පුංචි කුරුල්ලන් විදියට. එයාලා ඇත්තටම ගොඩක් දිලිසෙනවා, වර්ණවත්. ඒ වගේම එයාලගේ පිහාටු දේදුන්නක් වගේ. එයාලා එතන හිටපු අයගෙන් කෑම ඉල්ලූවා. හැබැයි කාගෙන්වත් එයාලට කෑම ලැබුණේ නැති හින්දා එයාලා කෑවේ කුණු කූඩයෙන්.”

මේ සිදුවීම මුල් කරගෙන නිර්මාණය වන Trash Dove ස්ටිකර් සමූහය පසුව සමාජ මාධ්‍යයන් තුළ ලොකු කතාබහක් ඇති කරන්නට සමත් වුණා. Trash Dove පරෙවියන් වේගයෙන් ඉහළට සහ පහලට යන හිසකින් යුතු කුරුළු සජීවිකරණ ක‍්‍රියාදාමයක්. මේ පරෙවියන්ගේ තියෙන විශේෂත්වය වන්නේ විශාල ඇස් ඇති, හීන් දිගැටි බෙල්ලක් සහිත දම් පාට පරෙවි විශේෂයක් වශයෙන් නිර්මාණය කර තිබීමයි.

කලංගි රොද්‍රිගෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: