නිවසක තනිව සිටි කාන්තාවට අතවර කරන්න හැදු පොලිස් සැරයන්ට ඇඳ පොලු ප්‍රහාරයක්

රාජකාරී අවශ්‍යතාවයක් සඳහා පොලිසියට පැමිණි කාන්තාවකගේ ලිපිනය දැනගෙන පසුව ඇය සිටින නිවසට බලහත්කාරයෙන් ඇතුළුවී ඇයට ලිංගික අතවර සිදු කිරීමට තැත් කළ බව කියන පොලිස් සැරයන්වරයකු කැබිතිගොල්ලෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියට මුහුණ පෑ කාන්තාව හදගල රලපනාවේ පදිංචිකාරියකි. ඇය සිය දරුවාට රැකියාවක් සඳහා යෑමට අවශ්‍ය පොලිස් නිෂ්කාශණ වාර්තාවක් ලබා ගැනිමට කැතිබිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ මහජන සම්බන්ධතා ඒකකයට ගොස් තිබේ. එම අවස්ථාවේ කාර්යයේ නිරතව සිට ඇත්තේ මෙම සැරයන්වරයාය.
ඇයව මුණගැසුණ වේලාවේ සිට ඇය ගැන වසඟයෙන් මෙන් බලමින් කථාකළ බව කියන සැරයන්වරයා අදාළ වාර්තාව ගැන කරුණුවලට අමතරව නිවසේ විස්තරද ඇගෙන් අසා දැනගෙන ඇත.
මෙම වාර්තාව ගැනීමට නැවත පොලිසියට පැමිණ රස්තියාදු වන්නට අවශ්‍යනැති බවත් ඒ පැත්තේ තම ඥාතියෙකු සිටින නිසා ඥාතියා බලන්න යන වෙලාවේ වාර්තාව ගෙදරටම ගෙනත් දියහැකි බවත් සැරයන්වරයා දන්වා ඇත.

ඇයගේ සැමියා වැඩට ගිය පසු ඇය තනිව සිටින බවද දැනගෙන ඇති මෙම සැරයන්වරයා එම වාර්තාවද අතැතිව එම කාන්තාවගේ නිවසට ඊයේ (21) ගොස් ඇති සැරයන්වරයා ඇය සමීපයට ගොස් වාර්තාව දෙන අතර සිරුර ස්පර්ශ කරමින් ඇය සිපගන්නට උත්සාහයක නිරතව තිබේ. මෙම අවස්ථාවේ තමන් මෙම ක්‍රියාවන්ට අකමැති බව කාන්තාව දන්වා සිටියත් ඔහු කේන්තිය පෙන්වා බලහත්කාරයෙන් ඇයව කාමරයකට තල්ලු කර දොර වසා ඇය සිරකරන්නට උත්සාහ කර අතවර කිරිමට තැත් කර තිබේ.

එම අවස්ථාවේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් ක්‍රියාකළ කාන්තාව කාමරයේ තිබුණ ඇඳක මෙට්ටය ඔසවා ඇඳ පොල්ලක් අතටගෙන තිබෙන අතර සැරයන්වරයාට කිට්ටුවන්නට ඉඩ නොතබා පහර පිට පහර එල්ල කර තිබේ. ඇඳ පොලු පහරකෑ සැරයන්වරයා ලේ පෙරාගෙන බිම ඇද වැටුණ පසු කාන්තාව දොර ඇරගෙන එලියට ගොස් අවට සිටි අයගේ උපකාර ඉල්ලා තිබේ.
අසල්වාසීන් සැරයන්වරයාව අල්ලා පුටුවක ගැටගසා අැත. පොලිසිය පැමිණෙන විට ලේ පෙරාගෙන පුටුවක ගැටගසා සිටි සැරයන්වරයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 3 =