නිවීගිය ප්‍රභාලෝකය – ප්‍රභාත් වීරරත්න

July 10, 2017 | 10:20 am    0   158

නිවීගිය ප්‍රභාලෝකය – ප්‍රභාත් වීරරත්න

‘සත්හඬ’ පුවත්පතේ සම කර්තෘ ලෙස සේවය කල ප්‍රවීණ මාධ්‍යවේදී ‘ප්‍රභාත් වීරරත්න’ පසුගියදා මෙලොවින් සමුගත්තේ මාධ්‍ය සගයන්ගේ නෙතගට කදුලක් නංවමිනි. මේ එම ආදරණිය සහෘදයා වෙනුවෙන් ඉරිදා ඇපල් තබන සටහනකි.

සිය කාර්යාලයේ සගයන් සමඟ නිතරම සිනහවෙමින් සුහදව කටයුතු කල මේ අපූරු මාධ්‍ය සගයා බොහෝ අයට සෙනෙහෙබර මිතුරෙක් විය. ඔහු අවසන් වරට කාර්යාලයේ කටයුතු කල පසුගිය සිකුරාදා (07) සවස ද මිතුරන් සමඟ සතුටින් දවස ගතකල අයුරු ඔහුගේ කාර්යාලයීය සගයෙකු’ සත්හඬ’ වෙබ් අඩවියට තබා තිබු සටහන මගේ නෙතට ද නොනැවතී ඇද හැලුණු කඳුළු වැලක් එක්කිරීමට සමත් විය.

මේ ප්‍රභාත් වෙනුවෙන් තැබෙන පුංචි සිහිවටනයකි. මතකය අලුත් කිරීමකි.

ප්‍රභාත් ලේඛකයෙකු ලෙස මුලින්ම කල එළි බසින්නේ ‘ලංකාදීපය’ට ඔහු ලියු විද්‍යාත්මක ලිපියකිනි. ඉන් අනතුරුව එවකට විදුසර කර්තෘ අනුර සිරිවර්ධන මුණගැසීමෙන් පසු ඔහු ‘විදුසර’ට දිගටම ලීවේය.

ඉන්පසු දි’වයින’ටත්, එතනින් ‘ලක්බිම’ටත් යන්නට ඔහුට ඉඩකඩ ලැබිණි. ඒ සියලු තැන්හිදී ඔහුගේ හැකියාවන් ඔප මට්ටම් විය. එවකට ඔහු පළපුරුදු මාධ්‍යවේදියෙකි.

ඉන් අනතුරුව කරු ජයසුරිය මහතාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කිරීමේ භාග්‍ය ප්‍රාභාත්ට හිමිවුයේය.

ප්‍රභාත් සත්හඬට එකතු වන්නේ මිට වසර දෙකකකට පමණ පෙරය.

වසර 29 ක් මාධ්‍ය ජිවිතයේ ඔහු විශේෂාංග රචනය, දේශපාලන සංවාද වැනි දෑ තුල කෙල පැමිණියෙකු විය. සත්හඬ පුවත්පතේ කැබිනට් ප්‍රවෘත්ති සම්ම්පාදනය වුයේ ඔහුගේ දෑතිනි.

ඉතින් අකාලයේ මිනින වූ මාධ්‍ය සගය ඔබට ‘ඉරිදා ඇපල්’ අපි නිවන් සුව පතන්නෙමු..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: