නොපෙනෙන බලවේග !!

February 28, 2017 | 9:37 am    0   463

නොපෙනෙන බලවේග !!

ගොඩක් අය රූපවාහිනී මාධ්‍ය කියලා හිතන් ඉන්නේ කැමරාවයි මයික් එකයි ඒක ඉස්සරහා ඉන්න නිවේදකයයි පමණයි කියලා.ඇත්තෙන්ම කිවුවොත් ඒ පසුපස කොච්චර තාක්ෂණ ශිල්පීන්,පසුනිෂ්පාදන ශිල්පීන් ඉන්නවාද කියලා දන්නේ රූපවාහිනි ආයතනයක ඉන්න අයම විතරයි. නිෂ්පාදකවරුන් කැමරා ශිල්පීන්,වේශ නිරූපන ශිල්පීන්,ශබ්ද පටිගත කරන ශිල්පීන් ,එතනින් ගියාම පසුතල නිපැයුම් ශිල්පීන්ම කොතරම් සිටිනවාද?

එ් හැර ස්ටුඩියෝ තුල සිදුවන තාක්ෂණික හරඹ හා ඒතුල සිටින තාක්ෂණික ශිල්පීන්ගේ ක්‍රියාවන්ද ප්‍රධාන පාලක මැදිරිය හා ඒ ආශ්‍රිත තාක්ෂණික ශිල්පීන්ද සමහර විටක නොකා නොබී නිදිවර්ජිතව තම රාජකාරිය ඉටුකරනවා..නඩත්තු නිළධාරීන්ද කෙසේවත් අමතක කල නොහැකියි.හදිසි බිඳවැටීමකදි පද්ධතියක් නැවත යථාතත්වයට පත්කරන්න ඔවුන් සෑහෙන වෙහෙසක් ගන්නවා..ඊට අමතරව විකාශ තරංග භාර(රේඩියෝ රූම්) නිලධාරින්ද තම සේවය ප්‍රධාන පාලක මැදිරිය වෙත ලබාදෙනවා.

පසු නිෂ්පාදන ඒකක තුල සිදුවන වීඩියෝ සංස්කරණ කටයුතු සදහා සංස්කරණ ශිල්පීන්ද , ග්‍රැෆික් නිර්මාණ ශිල්පීන්ද තිරයේ වර්ණ ගැන්වීම් මෙහෙයුමේ යෙදී සිටිනවා..විදුලි තාක්ෂණ ශිල්පීන්ද,ප්‍රවාහන නිලධාරීන්ගේ මෙහෙයද ඉතා අත්‍යාවශ්‍ය වෙනවා..තිරයේ දකින නිවේදකයකු හෝ රංගනයේ යෙදෙන පුද්ගලයෙකු හෝ සමාජය තුල ජනප්‍රිය වූවත් ඒ උදෙසා ඉහත කිවූ සියලු නිලධාරින් හා ශිල්පීන් කැමරා කාච පිටුපස සිට නිහඬ මෙහෙයක් ඉටුකරනවා.

හසිත හේරත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: