“පන්ති වර්ජනය කරන කිසිවකුට මහපොළ නැහැ” – ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල

June 8, 2017 | 7:04 pm    0   268

“පන්ති වර්ජනය කරන කිසිවකුට මහපොළ නැහැ” – ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල

By Editor

පන්ති වර්ජනය කරන කිසිම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුට මහපොළ ශිෂ්‍යාධාර ලබා නොදෙන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්ෂ්මන් කිරීඇල්ල මහතා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී  මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අසු පැනයකට පිළිතුරු වශයෙනි. එහිදී ඔහු මෙසේද පැවසිය.

“ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා මහපොළ පටන් ගත්තේ පන්ති වලට නොයන ශිෂ්‍යයන්ට මුදල් ගෙවන්න නෙවෙයි. පාරවල් වල ඉන්න ඇයට ගෙවන්න නෙවෙයි. එහෙම කරන්න බැහැ.”

මේ පිළිබඳව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා අදහස් පළකලේ මෙසේය.

“පාර්ලිමේන්තු එන්නේ නැති මන්ත්‍රීවරුන්ට දීමනාව ගෙවන්න බැහැ. මේකත් ඒ වගේ තමයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: