පරණ සැලැස්මක් අලුත් කරමින් අද තරග කල ලංකාවට සිදුවුණු දේ මෙන්න

August 3, 2017 | 12:29 pm    0   1846

පරණ සැලැස්මක් අලුත් කරමින් අද තරග කල ලංකාවට සිදුවුණු දේ මෙන්න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ SSC ක්රිදන්ගනයේදී අද (03) උදැසන ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායක වීරාත් කෝලි පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. 

ඒ අනුව දිව භෝජනය සඳහා තරගය නතර කරන විට පන්දුවාර 28 අවසානයේදී එක කඩුල්ලක් දැවී ඉන්දියාව ලකුණු 101 ලබා සිටි.

ඉන්දියාවේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 35ක් ලබාගෙන සිටි ප්‍රබල පිතිකරු ශිකර් ධවාන්ය. එම කඩුල්ල ලබාගත්තේ දඟ පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරාය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද නව සැලැස්මක් යටතේ මෙම තරගයට අවතීර්ණ වී තිබේ.

එනම් එක වේගපන්දු යවන්නෙක් සහ දඟ පන්දු යවන්නන් තිදෙනෙක් සමඟින් ක්‍රීඩා කරමිනි. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම අතීතයේ සිට සාර්ථක ප්‍රතිපල නෙලාගත් සාර්ථක උපක්‍රමයකි.

එකල සිටම ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය වුයේ දඟ පන්දු යවන්නය. ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පළමු තරගය පරාජය වීමෙන් අනතුර මෙම පැරණි සැලැස්ම යලි අත්හද බැලීමට තීරණය කර ඇත.

විශේෂයෙන්ම අද තරගය පැවැත්වෙන SSC  ක්‍රීඩාංගනය ක්‍රිකට් කළමනාකරු අසංග ගුරුසිංහගේ ක්‍රීඩාංගනය බැවින් මෙම ක්‍රමයෙන් ශ්‍රී ලංකාවට වැඩි වාසියක් ලබගටැහැ හැකි වනු ඇත.

විශේෂයෙන්ම අද පළමු වරට ටෙස්ට් වරම් හිමිකරගත මලින්ද මුෂ්පකුමරගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක පල නෙලාගැනීමට හැකියාවක් ලැබෙනු ඇති බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයි.

මෙම තරගයේ සජීවී සිංහල විස්තර විචාරයට සවන්දීමට https://www.facebook.com/sundayapple.lk/ වෙත පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: