පරාජය නොහඳුනන කැන්ඩි කොල්ලෝ

February 13, 2017 | 8:03 am    0   541

පරාජය නොහඳුනන කැන්ඩි කොල්ලෝ

පිට පිට තෙවැනි වරටත් අන්තර්සමාජ ලීග් රග්බි ශූරතාව තමන් සතු කරගනිමින් 2017 අන්තර්සමාජ ලීග් රග්බි තරගවාරයේ ශූරතාවය හිමි කරගැනීමට පසුගියදා මහනුවර කණ්ඩායම සමත් විය.

තරගයේ පළමු අර්ධය ලකුණු 8-6 ක් ලෙසින් ඉදිරියෙන් සිටිමින් නිමා කිරීමට සමත් වූ මහනුවර ක්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී තවත් ලකුණු 17 ක් සිය ලකුණු පුවරුවට එක් කරගනිමින් ජය වාර්තා කිරීමට සමත් වූයේ අන්තර්සමාජ ලීග් රග්බි ශූරතාව දිනාගත් 18 වැනි අවස්ථාව සනිටුහන් කරමිනි.

ජාත්‍යන්තර කරළියේ වැජබෙන්නට දේශීය ක්‍රීඩා පිටිය ජය ගෙන තිබිය යුතුය. එහෙත් ක්‍රිකට්‌ ක්‍රීඩාව හැරුණු විට මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ නොයෙකුත් ක්‍රීඩා ජාත්‍යන්තරය ජය ගන්නට සුදුස්‌සන් උත්පාදනය කිරීමේ වෙහෙසකර කාර්යයක නිරතව සිටී. එවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව වර්තමානයේ කෙමෙන් හිස ඔසවමින් සිටීම දේශීය ක්‍රීඩාවේ එක්‌ ජයග්‍රාහී පැතිකඩක නිර්මාණයකි. එම නිර්මාණයේ වැඩිම කොටස්‌කරුවන් බිහි වන්නේ මහනුවර ක්‍රීඩා සමාජයෙනි.

නවතම ජාත්‍යන්තර රග්බි ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව සිටින්නේ 54 වැනි ස්‌ථානයේය. දේශීය රග්බි ශ්‍රේණිගත කිරීම්වල අංක එක හිමි වන්නේ මහනුවර ක්‍රීඩා සමාජයටය. ඒ වරක්‌ දෙවරක්‌ නොව පුරා අඛණ්‌ඩව දස වසරක්‌ ක්‍රියාවෙන්ම මහනුවර ඒ බව සනාථ කර තිබේ. දස වසරක්‌ අඛණ්‌ඩව ඔටුන්න හිස මත දරා සිටීමට කණ්‌ඩායමකට හැකියාව ලැබෙන්නේ නම් එහි ගැබ්වූ සැබෑ රහසක්‌ තිබිය යුතුය. ඒ රහස කුමක්‌ වුවත් මහනුවර 18 වැනි වරටත් මේ සතියේ අන්තර්සමාජ ලීග් රග්බි තරගවාරයේ ශූරයන් ලෙසද කිරුළ පැළඳුවේය.

මහනුවර රග්බි ක්‍රීඩා සමාජයේ ක‍්‍රීඩකයින් හා නිළධාරීන්

*රොෂාන් වීරරත්න (නායක) – මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 27 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Scrum Half) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*ෆසීල් මරීජා – මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 31 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Fly Half) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*ධනුෂ් දයාන් – මහනුවර ශා. අන්තෝනි විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 24 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Wing) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*ලාවන්ග පෙරේරා – මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 24 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Center / Wing) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*ලසිත අත්තනගොඩ – මහනුවර ශා. සිල්වෙස්තර විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 24 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Hooker) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*දමිත් දිසානායක – මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 26 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Hooker) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*හෂාන් ප‍්‍රනාන්දු – මහනුවර විද්‍යාර්ත විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 20 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Prop) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*ජේසන් දිසානායක – මහනුවර විද්‍යාර්ත විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 24 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Flanker) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*කාන්චන රාමනායක – මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 26 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Center / Wing) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*ගයාන් රත්නායක – වාරියපොළ ඥානානෝදය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 33 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Second Row) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*එරන්ද වීරක්කොඩි – මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 31 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Full Back / Wing) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*රවීන් ද සිල්වා – කොළඹ ශා. ජෝෂප් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 29 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Flanker) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*දිමිත‍්‍රි විජේතුංග – කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 28 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Second Row) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*අර්ෂාඩ් ජමල්ඩීන් – කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 24 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Fly Half) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*තරිදු චතුරංග – මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 23 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Second Row) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*යාකූබ් අලී – මහනුවර ශා. අන්තෝනි විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 23 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Hooker) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*ශ‍්‍රීනාත් සූරියබණ්ඩාර – කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 28 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Scrum Half / Full back) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*තිළිණ විජේසිංහ – මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 23 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Full Back / Wing) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*රිචඩ් ධර්මපාල – ගල්කිස්ස විද්‍යා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 23 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Center / Wing) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*විශ්වමිත‍්‍ර ජයසිංහ – කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 27 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Wing) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*ධනුෂ්ක රංජන් – කොළඹ ශා. පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 24 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Center) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*සුහිරු ඇන්තනී – කොළඹ ශා. පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 26 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Second Row / Flanker) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*උචිත ජයසූරිය – මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 26 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Hooker) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*ගනුක දිසානායක – කොළඹ ඉසිපතන විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 22 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Prop) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*ඔෂාන් පෙරේරා – මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 25 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Center / Wing) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*පියුමාල් මංචනායක – මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 30 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Prop) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*කිෂෝ ජෙහාන් – හලාවත ශා. මේරී විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 34 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Prop) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*ගයාන් වීරරත්න – මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 29 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Center) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*ෂෙහාන් පතිරණ – කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 25 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Second Row) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*ශෂික ජයවර්ධන – මහනුවර ශා. අන්තෝනි විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 29 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Number 8) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*අසිත රත්නායක – කොළඹ ශා. පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 26 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Wing) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*බුවනෙක උදානගමුව – මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 23 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Number 8) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*අනුරුද්ධ විල්වර – ගල්කිස්ස ශා. තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 26 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Wing) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*දිලීප මධුසංඛ – මහනුවර විද්‍යාර්ත විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති 20 හැවිරිදි මෙම ක‍්‍රීඩකයා කණ්ඩායමේ (Prop) ස්ථානයේ ක‍්‍රීඩා කරයි.

*ෂෝන් විජේසිහ – ප‍්‍රධාන පුහුණුකරු

*නාලක වීරක්කොඩි – උප ප‍්‍රධාන පුහුණුකරු

*සන්ජීව පෙරේරා – භෞත චිකිත්සක

මහනුවර ක්‍රීඩා සමාජයේ ආරම්භය

සංවිධානාත්මකව අන්තර් සමාජ රග්බි ක්‍රීඩාව ආරම්භ වූ පළමු ආසියානු රට ශ්‍රී ලංකාව ය. එහි ඉතිහාසය 1879 දක්වා දිවෙයි. ඒ පළමු රග්බි ක්‍රීඩා සමාජය එංගලන්තයේ ආරම්භ වී අට වසරක් ගතවනවාත් සමගය.

මහනුවර ක්‍රීඩා සමාජය ආරම්භ වන්නේ 1874 දී ය. ඉන් 14 වසරකට පසු 1888 දී මහනුවර ක්‍රීඩා සමාජය රග්බි ක්‍රීඩාව ආරම්භ කළේ ය. කෙසේ වෙතත් රග්බි ක්‍රීඩාව ආරම්භ වී ශතවර්ශයක් ගත වුනු තැනද එම ක්‍රීඩාව ජනප්‍රිය වූයේ ප්‍රධාන වශයෙන් කොළඹ හා මහනුවර අවට පමණි.

අනූ ගණන්වලදී මහනුවර ක්‍රීඩා සමාජය එතෙක් රග්බි ක්‍රීඩාවේ අණසක පවත්වාගෙන සිටි පොලිස් ක්‍රීඩා සමාජය, හැව්ලොක්ස්, සී. එච් ඇන්ඩ් එෆ්. සී හා සී. ආර්. ඇන්ඩ් එෆ්. සී ආදී ක්‍රීඩා සමාජ අභිබවා ඉදිරියට ආවේ ය. ඔවුන් ඒ පැමිණි පිම්ම තාමත් එලෙසය.

තරිදු රාජපක්ෂ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: