පවු‍ලේ වෛද්‍යවරයා සංකල්පය ඉදිරියේදී ලංකාවටත් – සෞඛ්‍ය ඇමති

March 21, 2017 | 11:00 am    0   201

පවු‍ලේ වෛද්‍යවරයා සංකල්පය ඉදිරියේදී ලංකාවටත් – සෞඛ්‍ය ඇමති

පවු‍ලේ වෛද්‍යවරයා සංකල්පය ඉදිරියේදී ලංකාවට හදුන්වා දී එක් වෛද්‍යවරයෙකු යටතේ 5000ක ජනතාවක් ලියාපදිංචි කර රෝග පරික්ෂා කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්ම කරන බව සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. මෙම වැඩ පිළිවෙල මගින් වසර 2020 දී බෝනොව රෝග සියයට 05කින් අඩු කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය.

රෝහල්වලට ඇතුලු කරන රෝගීන්ගෙන් සියයට 70ක් දෙනා මිය යනුයේ බෝනොව රෝග වලින් වන අතර දුම්බිම, මධ්‍යසාර භාවිතාය, ලුණු , සීනි සහ මේදය අධික ලෙස භාවිතය මෙයට හේතු වී ඇතැයිද ඇමතිවරයා පෙන්වාදේ.

දුම්බිම හේතුවෙන් වසරක ශ්‍රි ලංකාව තුල පුද්ගලයින් 35000ක් දෙනා මිය යන අතර ඉන් සියයට 5ක්ම කුඩා දරුවන් බවද සනාථ වී ඇතැයි පැවසේ.

මේ වන විට පැණි බිම සඳහා සීනි භාවියත අවම කිරීම සඳහා වර්ණ සංකේත  භාවිතය හදුන්වා දී ඇති අතර ඉදිරියේ දී ලුණු සහ තෙල් භාවිතය අවම කිරීම සඳහා ආහාර සඳහා මෙම වර්ණ සංකේත භාවිතය හදුන්වා දීමට කටයුතු කරන බව හෙතෙම අවදාරනය කරයි.

ශ්‍රියානි විජේසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: