පසුගිය රජයේ මනුෂ්‍ය ඝාතන මාස කිහිපයකින් හෙළි කරනවලු

April 10, 2017 | 9:00 am    0   188

පසුගිය රජයේ මනුෂ්‍ය ඝාතන මාස කිහිපයකින් හෙළි කරනවලු

 

පසුගිය රජය විසින් සිදු කළ මනුෂ්‍ය ඝාතන, දුෂණ හා වංචා පිළිබඳ සියළු තොරතුරු තවත් මාස කිහිපයකින් රටට හෙළි කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසනවා.

කැබිතිගොල්ලෑව මූලික රෝහලේ වකුගඩු රුධිර කාන්දුකරණ ඒකකය විවෘත කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව සඳහන් කළා.

එම හෙළිදරවිවෙන් පසු එකාබද්ධ විපක්ෂයේ ආයු කාලය අවසන් වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ලබන මැයි මස පළවනිදා ගෝල්ෆේස් පිටියට පැමිණීමෙන් පසු රාජ්‍ය ආයතන වටලන බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ ගාලුමුවදොර පිටිය ආසන්නයේ මාර්ග රැසක් ඇති බැවින් එවා වැටලීමට හැකියාවක් ඇති බවයි.

ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරන අයුරින් ජනතාව එයට සහභාගි නොවනු ඇතැයි තමන් විශ්වාස පළ කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

 

සටහන නෙත් නිව්ස් ගොසිප් ඇසුරින්

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: