පළමු ස්ථානයට වෝනර් සෙට් වෙයි

January 28, 2017 | 6:14 am    0   393

පළමු ස්ථානයට වෝනර් සෙට් වෙයි

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඕස්ට්‍රේලියානු ඩේවිඩ් වෝනර් පළමු ස්ථානයට පත්ව තිබේ.

පසුගිය වසරේදී ඔහු තරඟ 28කදී ශතක 09ක් සහ අර්ධ ශතක 04ක් සමඟ ලකුණු 1755ක් ලබාගෙන ඇති අතර වෝනර් ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

ශ්‍රේණිගත සටහනේ දෙවන ස්ථානය දකුණු අප්‍රිකාවේ ඒ.බී ඩිවිලියර්ස්ට හිමි කරගෙන සිටී.

ඉන්දියාවේ විරාට් කෝලි තුන්වන ස්ථානයත්, දකුණු අප්‍රිකාවේ ක්වින්ටන් ඩි කොක් සිව් වන ස්ථානයටත්, කේන් විලියන්සන් පස් වන ස්ථානයටත් පත්ව ඇති අතර ජෝ රූට්, හශීම් අම්ලා, ස්ටීව් ස්මිත්, මාර්ටින් ගප්ටිල්, බාබර් අසාම් පළමු දස දෙනා අතර වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: