ප්ලීස් සැන්ටා….

December 26, 2016 | 12:45 pm    0   599

ප්ලීස් සැන්ටා….

Natal එහෙමත් නැත්නම් නත්තල සමරන ඔබ සහ මම අඩුම තරමේ ඒ නමේ තේරුමවත් දන්නවද? උපත එහෙමත් නැත්නම් ඉපදීම,
ජේසුස් වහන්න්සේගේ උපත පිලිබඳව නිශ්චිත දිනයක් අදටත් කිසිම තැනක සඳහන් වෙලා නැතත්, නත්තලේ දින දොළස (The Twelve Days of Christmas) දෙසැම්බර් 25 වෙනිදායින් පසු එළඹෙන දින දොළහා අතර මේ උත්තරීතර උපත සිදුවෙලා ඇති කියලා අනුමාන කරන්න පුළුවන්.
ඒක ලොකු කතාවක්…. එත් අපි පොඩි දෙයක් කතා කරමු….
ජේසු තුමන් පොහොසතෙක් ද?

ජේසු තුමාගේ මව – මරියා කියන්නේ සාමාන්‍ය පවුලක තරුණ කෙල්ලෙක්. ඒ වගේම ජේසු තුමාගේ සුරැකි පියා – ජෝසප් එහෙමත් නැත්නම් ජුසේ තුමා වඩුවෙක්….
ඒ කාලෙත් අද වගේම තමයි. ප්‍රශ්න ගැටළු දේශපාලන මත කෝලහාල මැදින් පට්ට කට්ටක් කාගෙන දරු ගැබත් දරාගෙන ඉන්න මරියත් එක්ක ජෝසප් ඔහුගේ ගමට යන අතරතුර බෙත්ලෙහෙමේදී තමයි මරියාට දරුවා ලැබුනේ. ඒ අද වගේ සැප කාමරයක නෙමෙයි හරක් මඩුවක. අලුත ඉපදුනු දරුවා සතපවන්න ලස්සනට හදපු තොටිල්ලක් තිබුනේ නැහැ. ඒ වෙනුවට හරකුන්ට කෑම දාපු ගව ඔරුවක තමයි මේ දරුවා සතපවන්නේ. හැබැයි එහෙම ඉපදුනේ මේ ලෝකයේ පීඩිත සහ දුප්පත් මිනිසාගේ ගැලවුම්කරුවා.

මෙහෙම කියනකොට උඹලාට හිතෙන්න පුළුවන් ජේසු ඇත්තටම ලෝකය ගලවා ගත්තද කියලා.
මම කියනවා ඔව්…. හැබැයි ගෝත්‍රික සෙට් එකක් ඉතිරි වුනා, ගලවාගන්න නෙමෙයි ගැලවෙන්න බැරි වුන. උන් තාමත් නන්නත්තාරේ යනවා.
අන්න ඒ නන්නත්තාරේ යන පිරිසට සපෝට් එකට රීමික්ස් වුනු නත්තල් සීයා එහෙම නැත්නම් පොෂ් විදියට සැන්ටාත් කරලියට එනවා. එයා නත්තලේදී ජෙසුටත් වඩා ෆේමස්. ඇත්තටම කවුද මේ සැන්ටා. එයා තමයි නිකලස්. කතෝලික ආගමික බිෂොප් වරයෙක්. මේ පුද්ගලයා රෑට රෑට දුප්පත් මිනිස්සුන්ගේ ගෙවල් වලට තමන්ගේ ධනයෙන් තෑගී බෝග රහසින් බෙදා දුන්නා. ඒ විදියට තමයි නිකලස් බිෂොප් වරයා සාන්ත නිකලස් බවට පත් වෙන්නේ. කොහොම නමුත් පසු කාලීනව ගොඩනැගුනු සැන්ටා නම් හිතලුවක්. ඒ කියන්නේ මිත්‍යාවක්. මොකද මුල්ම නත්තල් සීයා සහ දැන් ඉන්න සැන්ටා බිත්තරයි පරාල ඇනයි වගේ බොහොම පරස්පරයි. අද ඉන්න සැන්ටා නිර්මාණය වුනේ ඇමරිකානු ජාතික චිත්‍ර ශිල්පී තෝමස් නාස්ට් අතින්. එයා ලස්සන ආර්ට් එකක් කළා නත්තල් සීයා කියලා කෙනෙක් මවාගෙන. ඔන්න ඕකයි පීඩිතයන්ගේ ජේසු, දුප්පතුන්ගේ සාන්ත නිකලස් සහ පොහොසතුන්ගේ සැන්ටාගේ කතාව.

එතකොට සැන්ටා දැන් මොකද කරන්නේ ?
එයාට දැන් වෙන වැඩ ගොඩක් තියෙනවා. මත්ද්‍රව්‍ය, මස්, ඇඳුම්, යට ඇඳුම්, කොන්ඩම් වගේ දේවල් විකුණන වෙළෙන්දෙක් වෙලා. ඊට අමතරව සමහර රටවල ගණිකාවන් හොයලා දෙන්නෙත් මෙන්න මේ සැන්ටා විසින්. ඇත්තටම ඒක එහෙම වුනේ කොහොමද. තමන්ගේ අභිවෘධිය වෙනුවෙන් අම්මා තාත්තා හරි විකුණන එක කමක් නැහැ කියන කන්සෙප්ට් එක ඇතුලේ ඉන්න මිනිස්සුන්ට ජේසු, සැන්ටා කියන්නේ කවුද බ්‍රෝ…. ගවලෙන මොඩිෆයි කරලා නත්තල් ගහ රීමේක් කරලා නත්තල් සීයා බ්‍රා විකුණන රටක ජේසුට ඉපදෙන්න පුලුවන්ද සහෝදරයා. ලෝකයේ අතලොස්සක් ඉපදුන මහා චරිත ඇතුලේ, ලෝකයේ ජනගහනයෙන් වැඩිම පිරිසක් අදහන ධර්මය ඇතුලේ අද සැබෑ නත්තල හුදකලා වෙලා. මොකද බැරිවෙලාවකවත් ආයෙමත් ජේසු මේ ලෝකේ එන්න තීරණය කලොත් උන්වහන්සේට ඉපදෙන්න වෙන්නේ ගවමඩුවක නෙමෙයි බාර් එකක, ක්ලබ් එකක වෙන්න පුළුවන්.

එදා ඒ විදියට මේ ලෝකෙට ආපු ඒ සරල මනුස්සයාව අද අපි සමරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හිතමු. උන්වහන්සේ හැම වෙලාවේම ගත්තේ දුගියාගේ, පීඩිතයාගේ පැත්ත. නමුත් අද සල්ලි ඇති උන්ට වෙනම පල්ලි තියෙනකොට උකස් කඩ වල පෝලිම් වල දුප්පතාගේ නත්තලේ ඉරණම විසඳෙනවා. දුගියා වෙනුවෙන් ඉපදුනු නත්තල අද මේ වගේ වෙන්න ලොකුම හේතුව වුනේ මම අර කලින් කියපු රීමික්ස් සැන්ටා. එයා දැන් කපුවෙක්, බේබද්දෙක්, ආතල් පොරක් වෙලා දුප්පතාගේ බත් පතට වැලි දාන තත්වෙකට පත් වෙලා.

කොහොම වුනත්
වඩුමඩුවේ ජෝශප්ලා අදටත් ඉටිපන්දම උදේ පාන්දර පත්තු කරන්නේ
තෙරේසා මාළු ලෑල්ලේ ජපමාලේ එල්ලන්නේ
සැමුවෙල් නගරසබාවේ වැඩට යන්න කළින් සුරුවම ඉම්බින්නේ අද ඊයෙක නෙමෙයි
ඔවුන් ජීවිතේ පටන් ගත් තැන ඉඳන් මැරෙන තුරාවට එහෙම කරන්නේ ඔවුන්ගේ ගැලවුම්කරු ගවලෙනේ ඉපදුනු සරල මිනිසා නිසයි
නමුත් එක දවසකට විතරක් ආතල් ගන්න විතරක් ජේසු මතක් වෙන ෆට්ට රැඩිකල් රටක
අනේ ප්ලීස් සැන්ටා සුටී නංගිගේ වහලෙන් නෙමෙයි
” සැන්ටා ”
මේ පාරවත්
පුළුවන් උනොත්
වඩු වැඩ කරන
” ජෝශප්” ගේ
වහලෙන්
බහින්න….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: