ප්‍රංශ ජනාධිපතිවරණ උණුසුම

April 25, 2017 | 7:00 am    0   278

ප්‍රංශ ජනාධිපතිවරණ උණුසුම

ප‍්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයේ ප්‍රතිඵලවලට අනුව එම්මානුවෙල් මැක්රොන් සහ මරී ලෙපෙන් ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

ජනාධිපතිවරණය සඳහා 11 දෙනකු සහභාගි වූ අතර ඒ  අතරින් ප‍්‍රථම වටයේ තරඟයෙන් ප‍්‍රංශය එම්මානුවෙල් මැක්රොන් සියයට 23 හා  අන්ත දක්ෂිණාංශික ජාතික පෙරමුණේ මරී ලෙපෙන්  සියයට 22ක් ලෙස ප‍්‍රතිශතයන් ලබා ගෙන දෙවන වටයට සුදුසුකම් ලබා ඇත.

අනෙක් තරඟකරුවන් අතරින් ප‍්‍රංශුවා පියොන් 20, මෙලොන්ච්නෝ 19, බෙනුවා හාර්මෝ 6, ඩුපොන් 5, ලාසේල් 1.5, පිලිප් පුතෝ 1.1, ඇසිලිනිවූ 1, නතලී ආර්තෝඞ් 0.8, ජැක් චෙමිනාර්ඩ් 0.2 ලෙස පිළිවෙළින් ප්‍රතිශත වශයෙන් ජන්ද ලබා තිබේ.

ප‍්‍රංශයේ ජනගහනය මිලියන 67ක් වන අතර  මිලියන 47ක් ජන්දය හිමි ජන්ද දායකයෝ ය. මෙවර මැතිවරණයට ඡන්ද මධ්‍යස්ථාන 69000ක් සහ ආරක්ෂාවට පොලිස් භටයන් 50000ක් යොදා තිබුණි.

හමුදා භටයන් 7000 ක්ද යොදා තිබූ අතර  පසුගිය දිනවල ප‍්‍රංශය තුළ සිදු වූ ත‍්‍රස්ත ක‍්‍රියා හේතුවෙන් ප‍්‍රංශ මැතිවරණ ඉතිහාසයේ මෙවන් ආරක්ෂාවක් යටතේ පැවැති ප‍්‍රථම මැතිවරණය ලෙසද මෙය ඉතිහාසයට එක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: