”ප්‍රේමදාස මැරුවේ ත්‍රීශූලයේ වස් කවියෙන්” තිලක් වේහැල්ල

තිලක් වේහැල්ල ඉපදෙන්නෙ?
1943.

ඉගෙන ගත්තේ?
දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හැදැරුවා. වැඩිදුර අධ්‍යාපනය සඳහා හේවුඞ් එකට ආවා. ඒ දවස්වල විශ්වවිද්‍යාල නෙමෙයි තිබුණේ. රජයේ කලායතන. ඒක තමයි හේවුඞ් කියන්නේ. හේවුඞ් එකේ තමයි උසස් අධ්‍යාපනය හැදැරුවේ.

ගමින් කොළඹට එන්නෙ ඉගෙනගන්න?
ඔව්. හේවුඞ් එකේ ඉගෙනගන්න තමයි කොළඹට එන්නේ. එතනදි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන් ඡුායාරූප ශිල්පය.

ඉගෙන ගත්තයින් පස්සේ?
ඊට පස්සේ මම රස්සාවක් විදියට කළේ ඡුායාරූප ශිල්පය. ලේඛා ස්ටුඩියෝ එකේ පොටෝග‍්‍රැපර් විදියට තමයි වැඩ කළේ. ඒකෙදි තමයි ලංකාවේ මුලින්ම කලර් නෙගටිව් එක ඩිවලොප් වෙන්නේ. ලංකාවේ කලර් නෙගටිව් එක මුලින්ම ඩිවලොප් කළේ මම. ඒකෙ අයිතිකාරයා දන්නවා ඒක. ඊට පස්සේ මාවනැල්ලේ ස්ටුඩියෝ එකක් පටන් ගත්තා. ඊට පස්සේ තමයි චිත‍්‍රපට කර්මාන්තය පැත්තට යොමු වෙන්නේ.

ඒක වෙන්නෙ කොහොමද?
සේන සමරසිංහ කියන්නේ මගේ සමීප මිතුරෙක්. එයයි මිල්ටන් ජයවර්ධනයි එකතු වෙලා තමයි සදහටම ඔබ මගේ චිත‍්‍රපටය කළේ. ඒ චිත‍්‍රපටයේ ඡුායාරූප ශිල්පී, නිෂ්පාදන අධ්‍යක්‍ෂ, සහාය අධ්‍යක්ෂ කියන තුනම භාරවුණේ මට. අධ්‍යක්ෂණය මිල්ටන් ජයවර්ධනගේ. ඊට පස්සේ නිල්ල සොයා චිත‍්‍රපටයෙත් ඒ ටිකම කළා. ඊට පස්සේ මට ස්ක‍්‍රිප්ට් ලියන්න ඕනෙ වුණා. ලිව්වා. ස්ක‍්‍රිප්ට් රයිටර් කෙනෙක් විදිහට තමයි පස්සේ වැඩ කළේ.

පළවෙනි ස්ක‍්‍රිප්ට් එක මතකද?
ඔව්. උපුලි කියලා ෆිල්ම් එකක්. ඒකේදි තමයි ලූෂන් බුලත්සිංහල ස්ක‍්‍රිප්ට් ලියන්න එන්නේ. ලූෂන් බුලත්සිංහලට ස්ක‍්‍රිප්ට් ලියන්න ඉගැන්නුවෙත් මම. එයාව මුලින්ම පුරුදු කළෙත් මම. ගුණදාස කපුගේ මහත්තයා තමයි මට ලූෂන් බුලත්සිංහලව හඳුන්වා දෙන්නේ. ඒ එක්කම සරත් දසනායකත් හඳුන්වලා දුන්නා.

සරත් දසනායක චිත‍්‍රපටවලට සම්බන්ධ වෙන්නේ?
සංගීතයෙන්. එයා සංගීතය කරපු පළවෙනි චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කළෙත් මම.

මොකක්ද ඒ?
විශ්මය. ඒ කාලේ පී.එල්.ඒ සෝමපාල තමයි ඒකට ගෙන්වන්නේ. පී.එල්.ඒ. කිව්වා සරත් දසනායකට ගොඩක් වියදම් කරන්න වෙනවා කියලා. ඒ පාර මම කිව්වා සරත්ට මම වියදම් කරන්නම් රෙකෝඞ් කරන්න කියලා. මට සල්ලි තිබුණෙත් නෑ. බිරිඳට හොරෙන් එයාගෙ මගුල් මුද්ද තියලා තමයි සරත් දසනායකට දෙන්න සල්ලි හොයා ගත්තේ. ඊ.ඒ.පී. එකට උකස් තියලා ඒ වෙලාවේ රුපියල් 25ක් ගත්තා. ඒ රුපියල් 25න් තමයි ප්ලෑෂ් ගත්තේ. ගෙදර අය මාව හොරෙක් විදියට සැලකුවේ ඒකෙන් පස්සේ. මුද්ද සින්න වුණා. ඊට පස්සේ පිත්තල මුද්දකට රත්තරන් ගාලා හදපු මුද්දක් අරන් තමයි ගෙදර ගියේ. සරත් දසනායකට මම චිත‍්‍රපටි 15ක් දුන්නා. ඒ චිත‍්‍රපටිවලින් තමයි එයා සංගීත අධ්‍යක්ෂවරයෙක් වුණේ. එයා සල්ලිකාරයෙක් වුණා. ගෙවල් හදාගත්තා. ඒ වුණාට එයා ඊට පස්සේ කවදාවත් මාව බලන්නවත් ආවෙ නෑ.

ඒ අතරෙ ඔබ සිංදුත් ලිව්වා?
ඔව්. ගුණදාස කපුගේට සිංදු 5ක් දුන්නා රෙකෝඞ් කරන්න කියලා. මම ලියපු සිංදුවලින් හොඳටම ජනප‍්‍රිය වුණ සිංදුවක් තමයි බඹර වගේ ඇත තවම විසේ සිංදුව. ඒ සිංදුව ලිව්වේ චණ්ඩි පුතා චිත‍්‍රපටයට. ඒ චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කළෙත් මම. තව සිංදු ගොඩක් ලිව්වා. මට ඒව දැන් මතක නෑ.

චණ්ඩි පුතා චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය ර`ගපාන්නේ ගාමිණී ෆොන්සේකා නේද?
ගාමිණී ෆොන්සේකයි, ගීතා කුමාරසිංහයි තමයි ඒකේ ප‍්‍රධාන චරිත ර`ගපාන්නේ. ඒ ස්ක‍්‍රිප්ට් එකත් මගේ. ඒකේ සිංදුත් මගේ.

ගාමිණී ෆොන්සේකයි ඔබයි ඒ කාලේ මිතුරෝ. එතකොට ගීත චිත‍්‍රපටයට ගෙනාවෙ කොහොමද?
ගීත ගෙනාවේ බෙන්තර හෝටලයක ඉඳලා. ඒ හෝටලේ මැනේජර් අපි අඳුරනවා. එතකොට ගීතට පොඩි ළමයෙකුත් හිටියා. ඒක කවුරුත් දන්නෙ නෑ. ඒ හෝටලේට ගිය වෙලාවෙක තමයි අයිතිකාරයා අපට ගීතව හඳුන්වලා දුන්නේ. ගාමිණී කතා කළා ගීතට යමු කියලා. එයා එක පාරට හා කිව්වේ නෑ. පස්සේ සතියකින් විතර මම ගිහින් ගීතව කොළඹ එක්කන් ආවා. ඒ ඇවිත් තමයි මුලින්ම ලස්සන කෙල්ල චිත‍්‍රපටියට ගීත සම්බන්ධ වුණේ.

කොහොමද ගීතට ඒ අවස්ථාව ලැබුණෙ?
ලස්සන කෙල්ල අධ්‍යක්ෂණය කළේ නීල් රූපසිංහ. ලෙනින් මොරායස් තමයි නිෂ්පාදනය. ගීතා ලෙනින් මොරායස්ට සැලකුවා. එහෙම තමයි ඒ අවස්ථාව උදාකර ගත්තේ. ලෙනින් මොරායස් මට ලියුමක් දුන්නා ලස්සන කෙල්ල ඉවර වෙනකල් මගේ චිත‍්‍රපටය රිලීස් කරන්න් එපා කියලා. ඒක තවම මගේ ළ`ග තියෙනවා. මම ඒකට අත්සන් කළා. ඒක නිසා තමයි ගීතගෙ පළවෙනි චිත‍්‍රපටිය ලස්සන කෙල්ල වෙන්නේ.

ඔබට හම්බවුණු ගාමිණී ෆොන්සේකා මොනවගේ කෙනෙක්ද?
ගාමිණී ෆොන්සේකා හොඳ මනුස්සයෙක්. මට හම්බවුණ හොඳම මිනිහෙක්. එයා කාටවත් බය නෑ. එක පාරක් එයා නිසා මමත් මිනිහෙකුට ගැහුවා මාවනැල්ලෙදි. කස්තුරි සුවඳක් චිත‍්‍රපටිය රූගත කරන වෙලාවේ මාලනීගේ ගවුම කොටයි කියලා මිනිස්සු වගයක් ගහන්න ආවා. ඒ වෙලාවේ ගාමිණී මගෙන් ඇහුවා කවුද අර පකිස් බූරුවා කියලා.ඊට පස්සේ අපිට ගහන්න ආවා. ඒ වෙලාවේ මම පැනපු ගමන් ඒ ආපු මනුස්සයට ගැහුවා. ඊට පස්සේ ෂූටිං නතර කළා.

ගාමිණිත් එක්ක කරපු චිත‍්‍රපටි මොනවද?
උතුමාණෙනි, බාඳුරා මල්, චණ්ඩි පුතා

හැබැයි ඒ තරම් ළ`ගින් හිටපු මිත‍්‍රයා පස්සේ කාලෙකදි හතුරෙක් වෙනවා?
ඔව්. එයා කරපු ජඩ වැඩ නිසා. එයා දේශපාලනය කළා. ඒක වැරදියි. එයා යූ ඇන්පී එකට සපෝට් කළේ ඒ නිසායි මම එයාට විරුද්ධව ත‍්‍රිශූලය පත්තරෙන් ගැහුවේ. එයත් එකට එක කළා. මට විරුද්ධව නඩු දැම්මා. එයා කතානායක ඉද්දිත් මට කිව්වා එයා ගැන ලියන්න එපා කියලා. ඒ පාර මම කිව්වා ඔයාට වැඩිය ලොකු මිනිස්සු මම දන්නවා. මම කිසි දේකට බය නෑ කියලා. කතානායක විදියට ගාමිණී බලූ වැඩ කරනවා කියලා මම නඩුවක් දැම්මා.ඊට පස්සේ එයා මට කිව්වා නඩුව ඉල්ලා අස්කර ගනින් කියලා. මම බෑ කිව්වා. පස්සේ එයාත් නඩුවක් දැම්මා. උසාවියෙදි අපි දෙන්නා දෙපැත්තේ හිටියේ. මට සමාව ගන්න කිව්වා. මම කිව්වා මම සමාව ගන්නෙ නෑ. මනුස්සයකුට නම් සමාව ගන්නවා ඒත් මෙයාගෙන් ගන්නෙ නෑ කියලා. ඊට පස්සේ ගාමිණී ඇහුවා ඇයි මගෙත් එක්ක මේ තරම් තරහා කියලා. මම කිව්වා ගාමිණී මහත්තයෝ මම වැඳලා කියන්නම් ඔය දේශපාලනෙන් අයින් වෙන්න. එතකොට මම සමාව ගන්නම් කියලා. ආයෙත් මට සමාව ගන්නවද කියලා කතා කරල ඇහුවා. මම ඒත් බෑ කිව්වා. දේශපාලනෙන් අයින් වුණොත් සමාව ගන්නවා කිව්වා. ඒ කාලේ එපාම කරපු පක්ෂය තමයි යූ ඇන් පී එක.

එතකොට ත‍්‍රිශූලය පටන් ගත්තේ යූ ඇන් පී එකට විරුද්ධවමද?
ඔව්.

කවුද එහෙම පත්තරයක් පටන් ගන්න යෝජනාවක් ගෙනාවේ?
කවුරුත් නෑ. මමම තමයි එහෙම පත්තරයක් පටන් ගන්න හිතුවේ. මමම හිතලා මමම පටන්ගත්තා. නම දැම්මෙත් මමමයි ත‍්‍රිශූලය කියලා.

ඒ කාලේ පත්තර කීයක් විතර විකිණුනාද?
ඒ කාලේ ලක්ෂයක් විකිණුනා. එතකොට පත්තරේ රුපියල් 5යි. උදේ පත්තරේ දාලා හවස් වෙද්දි ලක්ෂ 5ක් හොයා ගන්නවා. ඒ කාලේ ලක්ෂ 5ක් කියන්නෙ ලොකු ගාණක්.

කොයි කාලෙද හරියටම ත‍්‍රිශූලේ පටන් ගන්නේ?
1989 තමයි මුලින්ම ත‍්‍රිශූලේ එළියට එන්නේ. පේ‍්‍රමදාසට තමයි ත‍්‍රිශූලෙන් වැඩියෙන්ම ගැහුවේ. වෙන කාටවත් ගැහුවෙ නෑ.

පේ‍්‍රමදාස ජනාධිපතිවරයා මැරුණ දවසේ ත‍්‍රිශූලේ පත්තරේ වස් කවියක් තිබුණා කියලා අපි අහල තියෙනවා?
ඔව්. ඒ කතාව ඇත්ත. ඒ වස් කවිය ලිව්වේ මීගල මුදියන්සේ. ත‍්‍රිශූලයේ හිටපු මගේ ප‍්‍රධාන සහායකයා තමයි මීගල මුදියන්සේ. එදා ත‍්‍රිශූලය පත්තරේ මුල් පිටුවේ මේ වස්කවිය තිබුණා. වස් කවියට උඩින් කාටූන් එකක් තිබුණා. ඒ කාටූන් එකේ තිබුණේ පේ‍්‍රමදාස ජනාධිපතිගේ සිංහාසනේ යටින් ත‍්‍රිශූලයක් ඇවිත් පපුව හිල් කරන් යන පින්තූරයක්. සිංහාසනේ වටේට මිනී ඔළු තිබුණා. තිලක් ජයන්ත තමයි ඒක ඇන්දෙ. එදාම තමයි පේ‍්‍රමදාස මහත්තයා මැරුණේ. එදා උදේ අපි හැම මැයි රැුලියකම පත්තරේ බෙදුවා. ඒ කාටුන් එක යටින් තිබුණා මේ කවිය හ`ඩ නගා 10 පාරක් කියවන්න. කියලා. උදේ පත්තර ටික බෙදුවා. 10 වෙද්දි පේ‍්‍රමදාස මැරුණා.
මම ගෙදර හිටියේ. රේඩියෝ එකෙන් පේ‍්‍රමදාස මැරුණා කියල කියද්දි ඒ සතුටට මම රේඩියෝ එක පොළොවේ ගැහුවා. මට ඒ තරම් සතුටුයි.

සංජක ප‍්‍රසාද් දොලේවත්ත
අසංක ධර්ම ශ‍්‍රී
ඡුායාරූප – ජගත් නානායක්කාර
(ත‍්‍රිශූලය කර්තෘ තිලක් වේහැල්ල මහතා සම`ග කළ සම්මුඛ සාකච්ඡුාවේ ඉතිරි කොටස ලබන සතියේ බලාපොරොත්තු වන්න.*

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 5 =