ප්‍රේම සැඳෑවෝ….

February 22, 2017 | 3:54 pm    0   523

ප්‍රේම සැඳෑවෝ….

 

ඔබ ප්‍රේමය ගැන දන්නේ මොනවාද ? ප්‍රේමය කොහේදී , කෙලෙසක , කා වෙනුවෙන් ඇති වේ දැයි ඔබට සිතන්නට හැකිද? ඉතිහාසයේ සිට අප දන්නා පෙම්වතුන් කොතෙක් නම් සිටීද ඇන්තනි – ක්ලියෝපැට්රා / රාමා – සීතා / රෝමියෝ – ජුලියට් / ලයිලා – මජ්නු / මාරි – පියරි / රාධා -ක්‍රිෂ්ණා / ජෝදා – අක්බර් / සාජහාන් – මුම්ටාස් / රොබින් – මැරියන් / සාලිය – අසෝකමාලා / නල – දමයන්ති / දස්කොන් – ප්‍රමිලා / නන්දා – පියල් සහ ගංගා – නිස්සංක පවා අප සිත් තුල කිඳාබැස ඇත. වරක් දෙවරක් නොව බොහෝ වරක් ප්‍රේමය ගැන ඉතිහාසයේ ලියැවී ඇති කතා අතර අප දන්නා බොහෝ දෑ අපගේම ප්‍රේම වෘතාන්ත තුලම රැව් දෙන අයුරු අපටම අත්විදින්නට ලැබී ඇත.

සම්මතය , අසම්මතය එතරම් රසවත් වීමද , ඒ හරහාම සියල්ල හමාර වීම , රටක රාජ්‍යයක පවා ගමන් මග වෙනතකට හැරවීමට තරම්ම ප්‍රබල වූ කතා වස්තුවකි “දස්කොන් ප්‍රමිලා” ආදර අන්දරය. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රාජ සමය දක්වා දිව යන මෙම කතා පුවත ගැන නොදන්නා කෙනෙකුන් නැති තරම්ය.ප්‍රංශ ජාතික පේදෘ ගැස්කොන්ගේ පුත් වූ දස්කොන් සහ දෙවන රාජසිංහ රජුගේ පුත් වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු අතර තිබූ සුහදත්වය සුනුවිසුණු වී යන්නේ දස්කොන් සහ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රාජ බිසව වූ ප්‍රමිලා අතර ඇතිවන හාදකමයි. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ දෙවැනි බිසවක් ගෙන ඒමෙන් පසු ආදරය අහිමි වන ප්‍රමිලාවන්ට ආදරය වන්නේ දස්කොන් ය.අවසන කවියෙකු වූ දස්කොන්ගේ මරණය දක්වා දිව යන මෙම ප්‍රේමණීය කථා පුවත ඉතිහාසයේ ආ ඉතා දුක්බර කතා පුවතකි.

බොහෝ ගීත , කවි වලට නිමිති වූ මෙම කතා පුවත “කතක් නෘත්‍ය” අනුසාරයෙන් පළමු වරට ඔබට දැකගත හැකි අවස්ථාවක් දැන් උදාවී තිබෙනවා.සාහිත්‍ය හා නර්තන රසයට කැමති ඔබ වෙනුවෙන්ම මෙය ගෙන එනු ලබන්නේ ඔබ අප කවුරුත් හඳුනන ජාතික රූපවාහිනියෙන් ඔබ හමුවන අනුෂ්කා ඒකනායක(න්‍රිත්‍ය නිපුන් සංගීත විශාරද ශ්‍රාස්ත්‍රපති) විසිනි. ඇය ඉන්දියාවේ භාත්ඛන්ඩ විශ්ව විද්‍යාලයේ කතක් නර්ථන විෂය හැදැරූ විශාරදවරියකි. ඇයගේ මෙම කතක් නෘත්‍ය නාටකය තුල මුල්ම දස්කොන් , ප්‍රමිලා කතා පුවතේ දස්කොන් හා ප්‍රමිලා අතර හුවමාරු වූ සත්‍ය කවි හා ඒ සම්බන්ද සිදුවීමි රැසක් සමඟ ඉතා සංයමයෙන් ගලා ගන මනරම් ජවනිකා හා රසවත් ගායනා බොහෝ අඩංගූ වී ඇත. ජාතික රූපවාහිනියේ නිවේදකවරියක් ලෙසද , ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් නිළධාරිනියක ලෙසද තම වෘත්තිය හසුරුවන ඇය කලකට පෙර සෞන්දර්‍ය විශ්ව විද්‍යාලයේ දේශකවරියක් ලෙසද කටයුතු කොට ඇත.

එළැඹෙන 24 වන සිකුරාදා සවස 6.30 ට කොළඹ බිෂොප් ශ්‍රවණාගාරයේදී වේදිකාගතවන්නට නියමිත මෙම නව කතක් නෘත්‍ය නාටකය ඔබටත් අලුත්ම අත්දැකීමක් වන බව නම් ඒකාන්තය.ඉතිං !! ඔබත් ඔබගේ ආසයන වෙන් කරවාගෙන දස්කොන් , ප්‍රමිලා කතක් නෘත්‍ය නාටකය සමඟ එකතු වී ඔබගේ සන්ධ්‍යාව රසවත් කරගන්න.
————————————————————————————–
ප්‍රවේශ පත්‍ර – සදීපා පොත්හල බොරැල්ල / සරසවි පොත්හල මහරගම, නුගේගොඩ / වනපෙත පොත්හල දෙහිවල / යමහා මියුසික් සෙන්ටර් / අබාන්ස් ප්‍රදර්ශනාගාරය කොල්ලුපිටිය / TicketsLK ප්‍රධාන කාර්යාලය සහ www.ticketslk.com වෙතින්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: