පාඨලී නූතන ඒ. ඊ. ගුණසිංහ වෙයි

May 2, 2017 | 1:00 pm    0   167

පාඨලී නූතන ඒ. ඊ. ගුණසිංහ වෙයි

නව වෘත්තීය සමිති ව්‍යාපාරයක් ඉදිරියේදී බිහි කරන බවත් ඒ සදහා යන ගමනේදී, දිවංගත කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහගේ කම්කරු ව්‍යාපාරය ආදර්ශයට ගන්නා බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක පවසයි.

මෙරට ජාතික ආර්ථිකයට තර්ජන එල්ල කරන, ජන ජීවිතය අවුල් කරන වෘත්තීය සමිතිවලින් සමන්විත වෘත්තීය සමිති ව්‍යාපාරයක් ඇති බව ඇමතිවරයා පැවසීය.

දිවංගත කම්කරු නායක ඒ.ඊ. ගුණසිංහයන්ගේ 126 වන ගුණ සමරුව නිමිත්තෙන් කොළඹ 12, ඒ.ඊ. ගුණසිංහ ප්‍රතිමාව අභියස පැවැති පුෂ්පෝපහාර පිදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ඔහු පැවසීය.

අද මෙන් ජනතාවගේ ජනජීවිතය අඩාල කරමින්, එදා කම්කරු නායකයින් ජනතා අයිතීන් දිනා ගැනීමට සටන් නොකළ බව ය.

“එදා අධිරාජ්‍යවාදීන්ගේ දරදඬු පාලනයට එරෙහිව ගෙන ගිය කම්කරු සටන්වල පුරෝගාමින් අතර ඒ.ඊ. ගුණසිංහ මහතා ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. ජාතික පුනර්ජීවයට උර දුන් මෙවැනි නායකයින් සැමරීම අපේ යුතුකමක්. මාක්ස්, එංගල්ස්, විදේශීය නායකයින් ඉදිරියට ගෙන යන මේ කාලයේ රටේ තඹ සතයක් සොරකම් නෙකොට රටේ වැඩ කරන ජනතාවට අවංක සේවයක් කළ ගුණසිංහ මහතා වැනි කම්කරු නායකයන් සැමදා අප සිහිපත් කළ යුතුයි.

රට වෙනුවෙන් දහඩිය මුගුරු හෙළන මේ රටේ කම්කරු ජනතාව අගයන, ජාතික ආර්ථිකයට හානි නොකරන ලංකා කම්කරු පක්ෂය
ලංකා කම්කරු සමිතිය අද දින සංවිධානය කළ මේ ගුණානුස්මරණය අප අගය කළ යුතුයි.” යැයි ඔහු කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: