පාපන්දු සංගමය දෙකට බෙදෙයි, පරිපාලනය අවුල් ජාලයක පැටලෙයි

January 21, 2017 | 11:01 am    0   451

පාපන්දු සංගමය දෙකට බෙදෙයි, පරිපාලනය අවුල් ජාලයක පැටලෙයි

ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ එළැඹෙන නිලවරණය වෙනුවෙන් එකම පාර්ශවයේ තිදෙනකු සභාපති තනතුර සඳහා තරග කිරීමට තීරණය කර තිබීම හේතුවෙන් පාපන්දු සංගමය දෙකට බෙදී ඇති බව පාපන්දු සංගමයේ අභ්‍යන්තර ආර්ංචි මාර්ග වලින් වාර්තා වේ.

එහිදී සභාපති තනතුරට තරග කරන එකිනෙකා දැන් සිටම විරසකව සිටීම හේතුවෙන් පාපන්දු පරිපාලනයද අවුල් ජාලයක පැටලී ඇතැයි පැවසේ.

මීට පෙර සභාපති තනතුරට පත්වු වත්මන් සභාපති අනුර ද සිල්වා හා ලේකම් බාලේන්ද්‍ර ඇන්තනී යන මහත්වරුන් එළැඹෙන නිලවරණයට තරග කිරීමට දැන් සිටම සූදානම් වීම මත අදාළ තත්ත්වය උද්ගත වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩා අණපනත් වෙනස්‌වීම හේතුවෙන් හිටපු සභාපති රුද්‍රිගු මහතාට අවසන් වරට පැවැත්වූ පාපන්දු සංගමයේ නිලවරණයට තරග කිරීමට අවස්‌ථාව නොලැබූ බැවින් ඔහු විසින් අනුර ද සිල්වා මහතාව සභාපති තනතුරට පත්කිරීමට කටයුතු යොදා තිබුණි.

එහෙත් නැවතත් මෙරට ක්‍රීඩා නීති සහ රෙගුලාසි වෙනස්‌වීමෙන් රුද්‍රිගු මහතාට තරග කිරීමේ අවස්‌ථාව ලැබී තිබීම හේතුවෙන් අනුර ද සිල්වා මහතා වෙනත් කණ්‌ඩායමක්‌ සමග සභාපති තනතුරට තරග කිරීමට සැලසුම් කර ඇත.

පාපන්දු සංගමයේ නිලවරණය මේ වසරේ මැයි මස පැවැත්වීමට නියමිතව ඇති බව පාපන්දු සංගමයේ අභ්‍යන්තර ආර්ංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: