පාසල් සිසුන් අතර සමාජ රෝග පැතිරීම ඉහළ ගිහින්

January 24, 2017 | 10:27 am    0   513

පාසල් සිසුන් අතර සමාජ රෝග පැතිරීම ඉහළ ගිහින්

පාසල් දරුවන් අතර පැතිර යන බව කියන ඇතැම් සමාජ රෝග අවම කර ගැනීමට පියවර ගන්නැයි ඉල්ලමින් අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

මේ ඉල්ලීම කිරීමට මූලික වූයේ පාසල් දරුවන් අතර සමාජ රෝග පැතිර යාමේ වර්ධනයක් ඇති බැවිනි.

වයස අවුරුදු 13සිට ඉහල වයසේ දරුවන්ගෙන් 4%ක පමණ පිරිසක් මෙම ගැටලුවට මුහුණ පා ඇති බව අනධ්‍යයන සේවක සංගමය කියා සිටියි.

මෙම තත්ත්වය වැලැක්වීම සදහා පාසල් සිසුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම අනිවාර්ය කරන ලෙසද එම ලිපිය මගින් කරුණු දක්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: