පාසල් online කරන්න යන අකිලගෙ අලුත්ම line එක

October 6, 2016 | 9:27 am    0   1045

පාසල් online කරන්න යන අකිලගෙ අලුත්ම line එක

ලබන අවුරුද්දෙ ඉඳලා online උගන්නන්න පුළුවන් පන්ති 50ක් පටන්ගන්න තීරණයක් අරන්. ලංකාවේ ලක්‍ෂ 45ක් විතර වෙන මුළු පාසල් system එකම, “ඩිජිටල්කරණය” කරන්න අධ්‍යාපන අමාත්‍යාංශය ලෑස්තිවෙනව කියලයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා කියන්නේ. ඩිජිටල් ලොවකට පය නගමින් සිටින අද දවසේ online අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව මෙරට සිසු පරපුරට ලබාදීම මේ හරහා අපේක්‍ෂා කරනවා.

සාම්ප්‍රදායික මෙවලම් හා අධ්‍යාපන ක්‍රමයන්ගෙන් අෑත්වෙලා smart අධ්‍යාපනයකට මුල්ගල තියන්නයි මේ සූදානම කියලයි ඔහු තවදුරටත් කිව්වේ. පාසල් කාලය ඇතුලේ ඩිජිටල් අවකාශයක ධදතඪදඥ විභාග, පරීක්‍ෂණ හා ප්‍රශ්න පත්‍ර ලබාදීමේ වැඩපිළිවෙලක් මේ හරහා ක්‍රියාත්මක කිරීම නුදුරු අනාගතයේදීම ඇති කරනවා කියලයි ලේකම්වරයා ප්‍රකාශ කරල තියෙන්නෙ.

පරිගණකය ආශ්‍රයෙන් අධ්‍යාපනය ලබාදීම වගේම මෙම වැඩපිළිවෙල යටතේ මවුපියන්ට තම දරුවා පන්ති කාමරයේ ඉන්නවද කියල බලාගන්නත් පුළුවන් පරිසරයක් 2020 වෙනකොට ඇතිකරන එක මෙහි තවත් අපේක්‍ෂාවක්. නවීන තාක්‍ෂණය නිසා පරිගණක ආශි්‍රත ක්‍රීඩාවලට ඇබ්බැහි වෙලා ඉන්න ළමා පරපුරට මේ හරහා පරිගණකය තවදුරටත් පුදුමයක් නොවනු ඇතැයි ප්‍රකාශ කෙරේ.

මෙකී තාක්‍ෂණික ක්‍රම ශිල්පයන් පන්ති කාමරයට ලබා දීමේදී අදාළ විෂයන් 62ට පමණක් ප්‍රවේශ විය හැකි අයුරින් නව ඩිජිටල් පන්ති කාමර සකස් කරන බව ඔහු ප්‍රකාශ කළේය. මෙහි තවත් වාසිසහගත තත්ත්වයක් පෙන්වා දෙමින් ලේකම්වරයා කීවේ මෙරට පාසල් 11,000ක පරිගණක විද්‍යාගර පහසුකම් තියෙන බවත් පාසල් වෙලාවෙන් පස්සේ එම විද්‍යාගාර ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථාන විදියට භාවිත කරන්න පුළුවන් හින්දා ගම්වල සාමාන්‍ය මිනිස්සුන්ටත් හවස 1.00 න් පස්සෙ පරිගණක දැනුම ලබාදීමට අපේක්‍ෂා කරනවා.

අචලා පියරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: