පැණි බීම වලට නව බද්දක්

August 20, 2017 | 2:29 pm    0   97

පැණි බීම වලට නව බද්දක්

මෙරට පවතින පැණි බීම වර්ග වල සීනි ප්‍රමාණය මත බද්දක් අයකිරීමට සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත.

සේනාරත්න ඇමතිවරයා විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙම බදු වැඩිකිරීමේ යෝජනාවලියට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම නව බදු වැඩි කිරීමේ යෝජනාවලිය ක්‍රියාත්මක වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතියට අනුව පැණි බීම මිලිලීටර් 100ක පැවතිය හැකි උපරිම සිනි ප්‍රමාණය ග්‍රෑම් 6කි.

මිට වැඩිවන සෑම සිනි ග්‍රෑමයකටම රුපියලක නිෂ්පාදන බද්දක් අයකිරීමට නව බදු කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ පිළිබඳව සෞඛ්‍ය ඇමතිවරයා මෙලෙස අදහස් දැක්වීය.

“2015 වසරේ පැවැති හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික සැසිවාරයේ දී සීනි, ලුණු, මේදය සඳහා බදු වැඩි කළ යුතු බවට මම යෝජනා කළා. ඉන් පසු මාධ්‍ය මගින් මෙම යෝජනාව විවේචනය කළා. නමුත් 2016 වසරේ දී මහා බ්‍රිතාන්‍ය මා ඉදිරිපත් කළ බදු වැඩි කිරීමේ අදහස ක්‍රියාත්මක කළා. බෝනොවන  රෝගවලින් මිය යන සංඛ්‍යාව සියයට 71 දක්වා වැඩි වී තිබෙනවා. දියවැඩියා රෝගයට ගොදුරුවන ජනතාව බේරා ගැනීම සඳහා වර්ණ සංකේත ක්‍රමය මම හදුන්වා දුන්නා. එය සාර්ථක වැඩපිළිවෙලක්. මගේ විශේෂ ඉල්ලීම මත ලේක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම බදු යෝජනාවලිය සකස් කිරීමට සහයෝගය දැක්වූවා. ඉදිරියේ දී මෙම යෝජනාවලිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: