පිංපොං කියත්දී හිතට ආඩම්බරයි – රජිත හිරාන්

July 31, 2017 | 4:30 pm    0   180

පිංපොං කියත්දී හිතට ආඩම්බරයි – රජිත හිරාන්

රජිත හිරාන් කියන්නේ කලා ලෝකයේ අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනි කෙනෙක් නෙමෙයි. තට්ටු ගෙවල් නාට්‍යයෙන් ඉමහත් ජනප්‍රියත්වයට පත්වෙච්ච රජිත ලොකු කුඩා හැමෝම ගොඩක් ආදරය කරන කෙනෙක්. පිං පොං චරිතයෙන් ජනතාව වැළදගත්ත රජිතත් එක්ක කතා කළා මේ දවස්වල මොකද වෙන්නේ කියලා බලන්න.

රජිත හිරාන් කියනවටද කැමති, නැත්නම් තාමත් ජනප්‍රිය පිං පොං කියනවටද කැමති?
ප්‍රේක්ෂකයෝ පිං පොං කියද්දි හිතට ආඩම්බරයකුයි සතුටකුයි දැනෙනවා. මොකද ප්‍රේක්ෂකයා ඒ නමින් කතා කරන්නේ ඒ චරිතෙ වැළඳ ගත්තු නිසා. ඒ හින්දා පොඩි ගැම්මක් තමයි හිතට දැනෙන්නේ. හැබැයි මාත් එක්ක ටඪඥතඤ එකේ එකට වැඩ කරන අය පිං පොං කියනවට කැමති නෑ. එතකොට දැනෙන්නේ එයාලා මාව අඳුන ගත්තේ නෑ වගේ.

facebook එකේ දේශපාලන talks දෙන්නේ දේශපාලනේට එන්නවත් හිතලද?
දේශපාලනය කරන්න ආසයි. රටට ගමට සේවයක් කරන්න කැමතියි. මෙහෙමයි ජ්චජඥඡධධඬ එකේ මම ආණ්ඩුව විවේචනය කරන්නෙ මම තුන්වන ආණ්ඩුව විදිහට වැඩ කරන නිසා. හැමදාම එහෙමයි. කවුරු හරි අහන්න පුළුවන් ඇයි ගිය ආණ්ඩුව කාලේ විවේචනය නොකළෙ කියලා. ගිය ආණ්ඩුව කාලේත් විවේචනය කළා. ඒත් කවුරුවත් දැක්කේ නෑ. මොකද ඒ නායකයා ළඟ ලොකු බහුශ්‍රැතයෝ හිටියා. පස්සේ පරාජය වුණාම දාලා ගියා. මට ඒ වගේ හොරණෑ කාරයෙක් වෙන්න ඕනි නෑ. ඒ නිසා දේශපාලනය කරනවා කියන අදහස අතෑරියා. හැබැයි කොයි ආණ්ඩුව ආවත් වැරදි දේ මම විවේචනය කරනවා. කලාකරුවෙක් විදිහට ඒ දේ සිදුකළ යුතුයි.

කලාව පැත්තෙන් මොනාද මේ දවස්වල අලුත් තොරතුරු?
වේදිකා නාට්‍යයක රඟපානවා. අවුරුදු ගානකට පස්සේ තමයි වේදිකා නාට්‍යයක රඟපාන්නේ. සිනමාව පැත්තෙන් films 10කට ආසන්න ප්‍රමාණයක වැඩ ඉවරයි. ඒවා ළඟදි සිනමා ශාලාවල තිරගත වේවි.

වර්තමානයේ හාස්‍ය ප්‍රධාන කරගත් නාට්‍ය හෝ සිනමාපටවල හාස්‍ය කියනදේ එළියට එනව මදි නේද? බලෙන් ප්‍රේක්ෂකයාව හිනා ගස්සනව කියල හිතෙන්නෙ නැද්ද?
දැන් යන නාට්‍ය ගත්තම එකම නාට්‍ය වට කර කර ගහන එකක්නෙ තියෙන්නෙ. බොඳමීදුම් කරන කාලේ ගෙදර වැඩකාරයගේ අච්චුවම දැන් වෙනස් වෙවී යනව ඉතිං. එකම අච්චුව තමයි ඉතින් කරකවන්නේ. මම කළේ හාස්‍ය උත්පාදන චරිතයක් වුණාට අදාළ විදිහට ගැළපෙන්නයි කළේ. දැන් මම නැත්නම් මම වගේ වෙන කවුරු හරි අරගෙන මිනිස්සු හිනා ගස්සන්න හදනවා කවුරුවත් හිනාගස්සන එක ලේසි නෑ. comedy චරිත උඩින් ලේසියි වගේ පෙණුනට comedy චරිත කරල මිනිස්සු හිනා ගස්සන්න අමාරුයි. මම වුණත් පිටපත කියෝලා හිනාගස්සන තැනක් තියෙනවා නම් ඒක මතු කරගෙන හිනා ගස්සනවා ඇරෙන්න, නැත්නම් හිනා ගස්සන්න යන්නෙ නෑ. දැන් වෙලා තියෙන්නේ හිනා ගස්සන්න නැති තැනක් හිනා ගස්සන්න ගිහිල්ලා වැඩේ අනා ගන්නවා. එතනයි වැරැද්ද.

තට්ටු ගෙවල්, somy boy, රෑ ඩැනියෙල් දවල් මිගේල් වගේ නාට්‍ය හා චිත්‍රපටි නේද ඔයාගේ turning points වුණේ?
තට්ටු ගෙවල් තමයි මගේ පළවෙනි ටෙලිනාට්‍ය. somy boy film එක තුළින් බොහෝ දෙනෙක්ගේ කතා බහට ලක්වුණා. සිනමාවේ විශිෂ්ටයන් දෙන්නෙක් එක්ක කරට කර රඟපාන්න ලැබුණා. ඔයා කිව්ව චිත්‍රපට හා ටෙලිනාට්‍ය මගේ හැරවුම් ලක්ෂයන් තමයි. ඒ වගේම තමයි බොඳමීදුම් කියන නාට්‍යයත් මගේ හැරවුම් ලක්ෂයක්. මාව අමතක වෙලා යන කාලේ මාව උඩට ගෙනාපු නාට්‍යයක් තමයි ඒක.

comedy චරිත විතරද කරන්නේ?serious චරිත ඇතෑරලද?
නෑ. එරංග සේනාරත්නගේ film එකේ මම තමා පෙම්වතා, වීරයා සහ විකටයත් මම. මගේ මිත්‍රයගෙ චරිතෙ රඟපාන්නේ ටෙනිසන් කුරේ මහත්මයා. ඊට අමතරව වැදි චරිතයක් කළා. තවත් චරිතයක් කළා මන්ද බුද්ධික චරිතයක්. ඒ වගේ විවිධ චරිත කරලා තියෙනවා. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයගේ නිර්මාණයක චරිතයක් රඟපානවා. ඒකත් comedy චරිතයක් නෙමෙයි.

ව්‍යාපාර කටයුතු අතෑරලද?
ඒ කාලේ නම් කළා. (හිනාවෙමින්) පස්සේ ඒක කඩවසම් වෙලා. කඩේ වහන්න වුණා. දැන් ව්‍යාපාරවලට කාල වේලාවක් නෑ.

musical shows වලට යනවනේ. ආසාවක් නැද්ද සිංදුවක් කරන්න?
ගොඩක්ම musical shows වලට යනවා. මං හරි ආසයි ඒකට. මිනිස්සු ඇවිල්ල කරට අත දාල මූණ ඉඹලා කතා කරද්දි මාරම feeling එකක් තියෙන්නේ. ඒක ඇවිල්ල සුන්දර අත්දැකීමක්. ඊට අමතරව සිංදුවක් කළා. ඒක සුනෙත් ගමගේ සහ මම ගායනා කරන්නේ. ඒකෙ video එක ස්විට්සර්ලන්තය ඇතුළුව රටවල් 5ක විතර රූ ගත කළා. ළඟදී ඒක එළියට එනවා.

සිනමාවේ අධ්‍යක්ෂණයට එන්න කැමති නැද්ද?
ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. script දෙක තුනක් ලියලා තියෙනවා. දෙසැම්බර් අග විතර කරන්න පටන් ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ප්‍රශ්නෙ කාල වේලාව නැති එක තමයි.

බිරිඳගෙන් සහ දරුවාගෙන් මොන වගේ සහයක් ද ලැබෙන්නේ ඔයාගේ ගමනට?
මගේ බිරිඳට දෙවෙනි බබා හම්බෙන්න ඉන්නවා. මං කුවේට් ගියා මේ ළඟදි. ඒ එද්දි මගේ birthday එකට shootng එකක් කරන්න ඇවිත් තිබුණා. ඒකට අවශ්‍ය සියලු වැඩ එයා එයාගේ job එක සහ සියලු අමාරුකම් තියෙද්දි කරා මට කිසි දෙයක් කරන්න ඉතුරු නොකර. දරුවා වුණත් එහෙමයි. මාව සතුටින් තියන්න හැමදේම කරනවා. මේ අවුරුදු 9ක් තිස්සේ බිරිඳ මේ ගමනට උදව් කරනවා.

ඔයාව අඳුන ගත්තු පිං පොංගේ කටේ තිබුණු හින්දි දෙබසක් කියමුද?
අතේ සතේ නැති වුණාම පිංපොං කිව්වේ ෆුල් හින්දුස්ථානී කියලා. දිල් තෝ පාගල්. මේ කිව්වේ නැගල යන ජීවිතේට.

හෂාන් අනුරාධ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: